Vesak Over! වෙසක් ඉවරයි! දැන් පිළිපදිමු
Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.
18th may 2014
Vesak Over! වෙසක් ඉවරයි! දැන් පිළිපදිමු - 1
වෙසක් දිනය.

වෙසක් දිනය ලංකාවට හෝ බෞද්ධයන්ට විතරක් සීමා උන, අයිති උන දිනයක් නොවෙයි. මිනිසුන්ට පමණකුත් නොවෙයි. දෙවියන්ටත් බ්‍රහ්මයින්ටත් වෙසක් උතුම් .
බුදු වරයෙක් ලොවට පහල වෙන එක ඉතා දුර්ලභ දෙයක්. සමහර වෙලාවට කල්ප ගණනකට එක බුදු වරයෙක් වත් උපදින්නේ නැතිලු (ශුන්‍ය කල්ප). කල්ප ගණන් ගැන පස්සේ දවසක කතා කරමු.
සමහරුනම් බුද්ධාගමේ අයිතිකාරයෝ ගැන හොයනවා. සමහර ත්‍රී වීල් වල, ලොරි වල, බස් වල පස්සා පැත්තේ "මේ බුදුන්ගේ දේශයයි" කියලා ලියා තිබෙනවා මා දැකලා තියෙනවා. මොන බොරුද? තමන්ට අයිති වෙන්න තිබුන කපිලවස්තුව හා ශාක්‍ය දේශයත් (දැන් නේපාලය) ඇත ඇරලා ගිහි ගෙයින් නික්මුණු සිදුහත් කුමාරයා ඊට පස්සේ රටවල් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ, බුදු වෙලා අනන්ත ප්‍රමාණයක් දෙවි මිනිසුන්ට නිවන් මග පෙන්නුවා මිසක්.
වෙසක් වලට ලිවුව පෝස්ට් තුනක්ම මකලා දැම්මා. අඩුපාඩු ගැනම ලියපුවාම නිකම් උඩ බලන් කෙල ගහනවා වගේ මට හිතුනා.
වෙනම tone එකකින් ඒවම ලියමු ඉතින්.
සංසාරය වගේම දිග පළල මාතෘකාවක් ගැන කතා කරන කොට පුංචි කොනක් අල්ලාගෙන ටිකක් ලියන එක හොඳයිනේ.
මම කියන්න හදන්නේ වෙසක් දවස් වලට කරන වැඩ ගැන. වෙසක් ක්‍රියාකාරකම්. පුළුල් ලෙස බලනකොට හුඟක් වෙසක් වැඩ පිළිවෙලවල් ආගමික කටයුත්තකට වඩා සංස්කෘතික කටයුත්තක්. ඒකයි මම හෙඩිමට දැම්මේ "වෙසක් ඉවරයි දැන් පිළිපදිමු කියලා".
වෙසක් ඉවරයි කිවුවේ වෙසක් තොරන්, කූඩු, බැති ගී, වෙසක් නාට්‍ය, වෙසක් සංගීත, ඔලුබක්කෝ ආදියට තමයි. පිළිපදිමු කිවුවේ දාන, ශීල, භාවනා වලට. ආමිෂ පූජා මීට අමතරයි.
සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන, මෙන්ම දන්සැල්, දුප්පතුන්ට, රෝගීන්ට, සතුන් හට දෙනු ලබන ආහාර හා අනෙකුත් පාරිභෝඝික ද්‍රව්‍ය ලබා දීම දානයට ඇතුලත් වෙයි.
දම් දෙසීම හා ධර්මදේශනා ඇසීමට සැලැස්වීම මේ සියල්ලටම වඩා උතුම් ධර්ම දාන නම් දානමය පිංකමය.
දන් දීම බෞද්ධයන් විසින් පමණක් කරනු ලබන පින් කමක් නොවේ. හින්දු, කතෝලික, මුස්ලිම් හා වෙනත් ආගම් වලට අයත් බැතිමත්හුද විදෙස් රටවල ඉන්නා බුද්ධාගම ගැන කිසිවක් නොදන්නා බොහෝ අයද දන් දෙති. ස්වභාව ධර්මයට අනුව එවන් අයටද එම දානමය පින් වලට සුදුසු පලවිපාක බෞද්ධයන්ගේ දාන පිංකම් වලට ලැබෙන ආකාරයටම ලැබෙනු ඇත. (දෙව් මිනිස් සැප)
බෞද්ධ දානය අනික් දාන වලින් වෙනස් වෙන්නෙ කොහොමද? අනික් ආගම් වල නැති බුද්ධාගමේ තියෙන දේ නිවන නේ. නිවන අරමුණු කරගෙන දෙන දානය අනික් ආගම් වල නෑ. ඒත් සමහර විට අන්‍යාගමිකයෙකුට වුනත්, තමාගේ සිතේ ඒ වෙලාවට ඇති වෙන සිතිවිල්ල අනුව දානයේ පලවිපාක නිවන් මගට උපකාරයක් වෙන්නත් පුළුවන්.
නිවන් අරමුණු කරගෙන දෙන දානය කෙලෙස් අඩුකර ගැනීමටත් කෙලෙස් නැති කරගැනීමටත් යෙදිය යුතුයි. සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන හා ධර්ම දාන වලින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට හැකි බැවින් ඒවා බෞද්ධ දානයන් කර ගැනීමට පුළුවන.
බුදු රජාණන් වහන්සේ විසින් සංසාර දුකින් මිදෙන ආකාරය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන ලෝක සත්වයා හට එම මාර්ගය පෙන්වා දුන් බවත්, ධර්මයෙහි අඩංගු වන්නේ එම නිවන් මග බවත් සංඝයා වහන්සේලා එම මාර්ගය අපට වටහා දෙන බවත් පැහැදිලිව අවබෝධ කර ගැනීමටත් එසේ අවබෝධවනතුරුම ඒ ගැන සැක නොකර ධනාත්මක ලෙස විමසා අවබෝධ කර ගැනීමටත් ශ්‍රද්ධාව උපකාර වේ. මෙසේ සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන හා ධර්ම දාන වලින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට හැකි බැවින්ද නිවන් මගට යොමු වන බැවින්ද ඒවා බෞද්ධ දානයන් කර ගැනීමට පුළුවන.
දානයක් දීමේදී දාන වස්තුව කෙරෙහි ඇති ආශාව අත්හැරීමෙන් අලෝභ චේතනා පහල වේ. ලෝභය හීන වේ. එම වස්තුව කෙරෙහි ඇති ලෝභය නැති කර ගැනීමට හැකිය. ලෝභය නැවත ඇති නොවන ලෙස තම සිත තුලින් නැති කිරීම නිවනයි. එනිසා දාන වස්තුව කෙරෙහි ලෝභය, ආශාව සම්පුර්ණයෙන්ම නැති කරමින් යමක් දීම නිවන් මගට එක පියවරක් වන අතර එය උතුම්ම බෞද්ධ දානයක් වෙයි. මෙහිදී දානවස්තුවෙහි වටිනාකම හෝ දානය ලබන්නාගේ තත්වය අදාළ නොවේ. යම් හෙයකින් අදාළ වනුයේ නම් ඒ අලෝභ චේතනාව ඇතිකර ගැනීමට එය බලපානවානම් පමණෙකි.
දුප්පතෙකුට, අසරනයෙකුට, ගිලන් අයෙකුට යමක් දීමේදී කරුණාව හා මෛත්‍රීය ඇති වන බැවින් ඒවා අදෝස නම් පුණ්‍ය චේතනාය. ද්වේශයට අදාල කෙලෙස් නැති වන බැවින් මෙවැනි දාන වලින්ද නිවන් අරමුණු කර ගැනීමට හැකිවෙයි.
පල විපාක ගැන දැනගෙන කිසිවෙකුගේ බල කිරීමකින් තොරව යමෙක් දානයක් දෙන විට ජනිත වන කුසල චිත්තයන් ත්‍රිහේතුක කාමාවචර කුසලයෝ වෙති. නිවනට අරමුණු වීමට අමතරව මිනිස් ලොව හා දෙව් ලොව ඉපදීමටත්, බොහෝ භෞතික සැප සම්පත් ලැබීමටත් මෙම කුසලයෝ හේතු වෙති.
දානය දැනුවත්ව කරන්න
මෙවැනි බෞද්ධ දානයක් දීමෙන් ලබාගත හැකි අපරිමිත ආනිසංශ නැති කරගෙන සසර දික් කර ගෙන දන් දෙන අයත් එමටයි. ඒ මදිවාට සමහරු දන් දීලා පවුත් රැස් කර ගන්නවා.
ඒ මෙහෙමයි. දානයේ ආනිසංශ ලෙස මතු ලැබෙන දෙව් මිනිස් සැප සම්පත් පමණක් ඉලක්ක කරගෙන ඒවා ප්‍රාර්ථනා කරගෙන දන් දීමෙන් කෙලෙස් වැඩෙන අතර සසර දික් වෙනවා. සසර දුක තමා ලැබෙන පලය. දානයේ ප්‍රමාණය හා සිතෙහි ඇති වෙන කෑදර චේතනාවේ තියුනු බව උඩ සංසාර දුක තව වැඩියි.
එමෙන්ම අනෙකෙක් පැරදවීමට දන් දීම ද්වේශකාරී හැඟීම් ඇති කරනවා. මේවාත් දරුණු පලවිපාක දෙන දෝසමුල අකුසලයෝ. තරඟයට දන් දෙන්න යන්න එපා.
වෙන අයත් උදවු කරගෙන, දායක කරගෙන දන් දෙන එකත් හුඟක් පින් සිදු වෙන වැඩක්. ඒත් එම දානයෙන් ලාභයක්, නම්බුවක්, කීර්තියක් බලාපොරොත්තු වෙනවානම් දානය මෙන්ම තමන්ගේ පිනත් කැත වෙන බව මතකයේ තියා ගන්න ඕනෑ.
බුදු වරයෙක් ලොවට පහල වෙන එක ඉතා දුර්ලභ දෙයක්. සමහර වෙලාවට කල්ප ගණනකට එක බුදු වරයෙක් වත් උපදින්නේ නැතිලු (ශුන්‍ය කල්ප). කල්ප ගණන් ගැන පස්සේ දවසක කතා කරමු.
සමහරුනම් බුද්ධාගමේ අයිතිකාරයෝ ගැන හොයනවා. සමහර ත්‍රී වීල් වල, ලොරි වල, බස් වල පස්සා පැත්තේ "මේ බුදුන්ගේ දේශයයි" කියලා ලියා තිබෙනවා මා දැකලා තියෙනවා. මොන බොරුද? තමන්ට අයිති වෙන්න තිබුන කපිලවස්තුව හා ශාක්‍ය දේශයත් (දැන් නේපාලය) ඇත ඇරලා ගිහි ගෙයින් නික්මුණු සිදුහත් කුමාරයා ඊට පස්සේ රටවල් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ, බුදු වෙලා අනන්ත ප්‍රමාණයක් දෙවි මිනිසුන්ට නිවන් මග පෙන්නුවා මිසක්.
වෙසක් වලට ලිවුව පෝස්ට් තුනක්ම මකලා දැම්මා. අඩුපාඩු ගැනම ලියපුවාම නිකම් උඩ බලන් කෙල ගහනවා වගේ මට හිතුනා.
වෙනම tone එකකින් ඒවම ලියමු ඉතින්.
සංසාරය වගේම දිග පළල මාතෘකාවක් ගැන කතා කරන කොට පුංචි කොනක් අල්ලාගෙන ටිකක් ලියන එක හොඳයිනේ.
මම කියන්න හදන්නේ වෙසක් දවස් වලට කරන වැඩ ගැන. වෙසක් ක්‍රියාකාරකම්. පුළුල් ලෙස බලනකොට හුඟක් වෙසක් වැඩ පිළිවෙලවල් ආගමික කටයුත්තකට වඩා සංස්කෘතික කටයුත්තක්. ඒකයි මම හෙඩිමට දැම්මේ "වෙසක් ඉවරයි දැන් පිළිපදිමු කියලා".
වෙසක් ඉවරයි කිවුවේ වෙසක් තොරන්, කූඩු, බැති ගී, වෙසක් නාට්‍ය, වෙසක් සංගීත, ඔලුබක්කෝ ආදියට තමයි. පිළිපදිමු කිවුවේ දාන, ශීල, භාවනා වලට. ආමිෂ පූජා මීට අමතරයි.
දානය
දම් දෙසීම හා ධර්මදේශනා ඇසීමට සැලැස්වීම මේ සියල්ලටම වඩා උතුම් ධර්ම දාන නම් දානමය පිංකමය.
දන් දීම බෞද්ධයන් විසින් පමණක් කරනු ලබන පින් කමක් නොවේ. හින්දු, කතෝලික, මුස්ලිම් හා වෙනත් ආගම් වලට අයත් බැතිමත්හුද විදෙස් රටවල ඉන්නා බුද්ධාගම ගැන කිසිවක් නොදන්නා බොහෝ අයද දන් දෙති. ස්වභාව ධර්මයට අනුව එවන් අයටද එම දානමය පින් වලට සුදුසු පලවිපාක බෞද්ධයන්ගේ දාන පිංකම් වලට ලැබෙන ආකාරයටම ලැබෙනු ඇත. (දෙව් මිනිස් සැප)
බෞද්ධ දානය අනික් දාන වලින් වෙනස් වෙන්නෙ කොහොමද? අනික් ආගම් වල නැති බුද්ධාගමේ තියෙන දේ නිවන නේ. නිවන අරමුණු කරගෙන දෙන දානය අනික් ආගම් වල නෑ. ඒත් සමහර විට අන්‍යාගමිකයෙකුට වුනත්, තමාගේ සිතේ ඒ වෙලාවට ඇති වෙන සිතිවිල්ල අනුව දානයේ පලවිපාක නිවන් මගට උපකාරයක් වෙන්නත් පුළුවන්.
නිවන් අරමුණු කරගෙන දෙන දානය කෙලෙස් අඩුකර ගැනීමටත් කෙලෙස් නැති කරගැනීමටත් යෙදිය යුතුයි. සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන හා ධර්ම දාන වලින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට හැකි බැවින් ඒවා බෞද්ධ දානයන් කර ගැනීමට පුළුවන.
බුදු රජාණන් වහන්සේ විසින් සංසාර දුකින් මිදෙන ආකාරය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන ලෝක සත්වයා හට එම මාර්ගය පෙන්වා දුන් බවත්, ධර්මයෙහි අඩංගු වන්නේ එම නිවන් මග බවත් සංඝයා වහන්සේලා එම මාර්ගය අපට වටහා දෙන බවත් පැහැදිලිව අවබෝධ කර ගැනීමටත් එසේ අවබෝධවනතුරුම ඒ ගැන සැක නොකර ධනාත්මක ලෙස විමසා අවබෝධ කර ගැනීමටත් ශ්‍රද්ධාව උපකාර වේ. මෙසේ සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන හා ධර්ම දාන වලින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට හැකි බැවින්ද නිවන් මගට යොමු වන බැවින්ද ඒවා බෞද්ධ දානයන් කර ගැනීමට පුළුවන.
දානයක් දීමේදී දාන වස්තුව කෙරෙහි ඇති ආශාව අත්හැරීමෙන් අලෝභ චේතනා පහල වේ. ලෝභය හීන වේ. එම වස්තුව කෙරෙහි ඇති ලෝභය නැති කර ගැනීමට හැකිය. ලෝභය නැවත ඇති නොවන ලෙස තම සිත තුලින් නැති කිරීම නිවනයි. එනිසා දාන වස්තුව කෙරෙහි ලෝභය, ආශාව සම්පුර්ණයෙන්ම නැති කරමින් යමක් දීම නිවන් මගට එක පියවරක් වන අතර එය උතුම්ම බෞද්ධ දානයක් වෙයි. මෙහිදී දානවස්තුවෙහි වටිනාකම හෝ දානය ලබන්නාගේ තත්වය අදාළ නොවේ. යම් හෙයකින් අදාළ වනුයේ නම් ඒ අලෝභ චේතනාව ඇතිකර ගැනීමට එය බලපානවානම් පමණෙකි.
දුප්පතෙකුට, අසරනයෙකුට, ගිලන් අයෙකුට යමක් දීමේදී කරුණාව හා මෛත්‍රීය ඇති වන බැවින් ඒවා අදෝස නම් පුණ්‍ය චේතනාය. ද්වේශයට අදාල කෙලෙස් නැති වන බැවින් මෙවැනි දාන වලින්ද නිවන් අරමුණු කර ගැනීමට හැකිවෙයි.
පල විපාක ගැන දැනගෙන කිසිවෙකුගේ බල කිරීමකින් තොරව යමෙක් දානයක් දෙන විට ජනිත වන කුසල චිත්තයන් ත්‍රිහේතුක කාමාවචර කුසලයෝ වෙති. නිවනට අරමුණු වීමට අමතරව මිනිස් ලොව හා දෙව් ලොව ඉපදීමටත්, බොහෝ භෞතික සැප සම්පත් ලැබීමටත් මෙම කුසලයෝ හේතු වෙති.
දානය දැනුවත්ව කරන්න
මෙවැනි බෞද්ධ දානයක් දීමෙන් ලබාගත හැකි අපරිමිත ආනිසංශ නැති කරගෙන සසර දික් කර ගෙන දන් දෙන අයත් එමටයි. ඒ මදිවාට සමහරු දන් දීලා පවුත් රැස් කර ගන්නවා.
ඒ මෙහෙමයි. දානයේ ආනිසංශ ලෙස මතු ලැබෙන දෙව් මිනිස් සැප සම්පත් පමණක් ඉලක්ක කරගෙන ඒවා ප්‍රාර්ථනා කරගෙන දන් දීමෙන් කෙලෙස් වැඩෙන අතර සසර දික් වෙනවා. සසර දුක තමා ලැබෙන පලය. දානයේ ප්‍රමාණය හා සිතෙහි ඇති වෙන කෑදර චේතනාවේ තියුනු බව උඩ සංසාර දුක තව වැඩියි.
එමෙන්ම අනෙකෙක් පැරදවීමට දන් දීම ද්වේශකාරී හැඟීම් ඇති කරනවා. මේවාත් දරුණු පලවිපාක දෙන දෝසමුල අකුසලයෝ. තරඟයට දන් දෙන්න යන්න එපා.
වෙන අයත් උදවු කරගෙන, දායක කරගෙන දන් දෙන එකත් හුඟක් පින් සිදු වෙන වැඩක්. ඒත් එම දානයෙන් ලාභයක්, නම්බුවක්, කීර්තියක් බලාපොරොත්තු වෙනවානම් දානය මෙන්ම තමන්ගේ පිනත් කැත වෙන බව මතකයේ තියා ගන්න ඕනෑ.
සමහරු දානයක් දී එයින් පසුව එය ලැබූ තැනැත්තා දාන වස්තුවට කරන දේ ගැන සොයා බලන්නට පෙළඹෙති. මෙයද දානයෙන්ලැබෙන පින කැත වෙන තවත් ක්‍රමයකි.
ආශාව (ලෝභය) අත හැර අලෝභ සිතින් සුළු දෙයක් හෝ දෙන එක නිතිපතා පුරුද්දක් ලෙස කරන්න වෙසක් සමයේ හිතට ගත්තොත්, අන්න වෙසක් එකේදී නිවන් මගේ තවත් පියවරක් තිබ්බ වෙනවා. කරුණා, මෛත්‍රීය යෙදෙන විට එයත් මෙනෙහි කරගෙනම දෙන එකෙන් පින් වැඩි වෙයි.
ලබන වෙසක් එකට දෙන දානය, දන්සැල මේ කිවුව විදියට කලොත් නිවනත් ලඟයි. දෙව් මිනිස් සැපත් ප්‍රාර්ථනා නොකලත් ලැබෙනවාමයි.
No comments:
Post a Comment