Epilogue to Slipper Story...සෙරප්පු කතාවේ ඉතුරු කොටස
Warning!!! This Blog is for
mature adults though it does not contain any pornography, violence or
hate. The contents can be misleading and/or incomprehensible
for those who have not grown up...yet.
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින්
බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස්
බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක
එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.
17th may 2014
Epilogue to Slipper Story... සෙරප්පු කතාවේ ඉතුරු කොටස
සෙරප්පු කතාවේ ඉතුරු කොටස
සෙරෙප්පු මාලයේ කතාව පත්තරෙන් දැකලා ඒකට මම විහිළු කෑල්ලක් ලිවුවා කලින්.
http://pissudoublelanka.blogspot.com/2014/05/warning-this-blog-is-strictly-for_3.html
ඒක
ලිව්වේ එක වාර්තාවක් දැකලා. පස්සේ මේ කතාවට ලොකු අවධානයක් යොමු වුනා.
ගොඩක් විස්තර හුඟක් පුවත්පත් වල පළවුනා. ඒ විතරක් නෙමෙයි. හුඟක් අදහස්
පළකිරීම් එහෙමත් තිබුනා. එක පත්තරේකින් ඇත්ත කතාව හොයන්න ඒ ප්‍රදේශයට
ගිහින් තවත් දැනුවත් කිරීමක් කරලා තිබුනා. මම මේ විස්තර වලින් මට හම්බ වුන
හැම එකක්ම කියෙවුවා.
මුල ඉඳලා අගට කියවන කොට මේක හද කකියවන කතාවක්. විහිළු කරන කතාවක් නොවෙයි. ඒ නිසාම මේක ගැන විස්තරයක් ලියන්න හිතුවා (As an apology).
ඉස්සෙල්ල පසුබිම විස්තර කරමු.
පාසල
මේ ඉස්කෝලේ තියෙන්නේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සේරුනුවර පැත්තේ. කාවන්තිස්සපුරයේ
ළමයි 35 යි ගුරුවරු 6 යි.
ගුරුතුමිය
මේ
ප්‍රදේශයේම ඉපදී හැදී වැඩී දුෂ්කර ජීවිතයට මුහුණ දෙමින් පාසල් ගොස්,
කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් ව උපාධියක් ලබාගෙන තමා උපන් පෙදෙසට සේවය
කිරීමට කැපවුන තරුණ ගුරුතුමියක්. (දිරිය තරුනියක්)
සිසු දැරිය
5
ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. පියා කලකට පෙර මියගොස් (සියදිවි නසාගෙන). සහෝදරයන්
2යි. සහෝදරියයි. ලොකු අයියා කොළඹ ප්‍රදේශයේ සුළු රැකියාවක. අනෙක් අයිය AL
කරනවා. අක්ක OL කරනවා. අම්මා සේරුවිල පන්සල ළඟ තල් හකුරු විකුණා උපයන මුදල එකම ආදායම් මාර්ගය.
ටකරන් හා ඉටිකොළ වලින් සැදුනු අඩි 10 ක නිවසේ මේ හතර දෙනා ජීවත් වෙන්නේ.
මේ අයගේ ගම සුමේධංකරපුර. ගුරුතුමියත් මේ ගමෙමයි. පාසලට කිලෝ මීටර් 6ක් පයින් යන්න තියෙනවා. සමහරදාට ගුරුතුමිය ඇගේ බයික් එකෙත් අරන් යනවා.
සුමේධංකරපුර
මේ ගමේ අය පහුගිය කාලයේදී (යුද්ධ කාලේ) කිහිප වතාවක්ම ගම අතහැර ගිහින් යුද්ධය ඉවර වුනාට පස්සේ නැවත පදිංචියට ඇවිත්. දැනට පවුල් 160ක් පමණ ආපසු ආවත් කිසිම ආකාරයක පහසුකමක් නෑ.
මේ
සිසු දැරියත් ඇගේ මවත් කියන්නේ "ටීචර් හොඳයි" කියලා. විදුහල්පති තුමිය
කියන්නෙත් "ටීචර් දරුවන් වෙනුවෙන් කැපවුන දක්ෂ කෙනෙක්" කියලා.
ඉතින් දැන් අපි අහමු ටීචර්ගේ, විදුහල්පති හා උප විදුහල්පතිට කියන්න තියෙන කතාව.
විදුහල්පති තුමිය එදා නිවාඩුලු. ඇය දැනගන්න විට සිද්ධිය දුරදිග ගිහින්ලු. ඇය කියන්නේ මේ
ගුරුතුමිය ඉතා දක්ෂයි, ආර්ථික විද්‍යා උපාධිධාරිනියක්. ගුරු මංඩලයත්,
දෙමාපියනුත්, එකතු වෙලා පාසල දියුණු කර ගන්න ඕනෑ. දරුවා අසරණ කරන්නත් බෑ.
උප විදුහල්පති තුමියගේ අදහස. "දිවයින" පත්තරේ තිබුන විදියටම.
"මේ ප්‍රදේශ වල ගුරුවරු ඉන්නේ නෑ. ගුරුවරු ඉන්නේ ටික දෙනයි. අපිටත් ඕනෑ මේ ප්‍රදේශයේ අධ්‍යාපානය දියුණු කරලා අපේ ප්‍රදේශ වල උගත්තු වැඩි කරන්නයි."
"පාසලේ දක්ෂ ගුරුවරියකට මෙසේ මාධ්‍ය වලින් පහර දෙන්නේ ඇයි? දන්නැති දේවල් දන්නවා වාගේ ලිවීමෙන් මොන තරම් විනාශයක් සිද්ධ වෙනවාද?"
ගුරුතුමිය කියන කථාව කෙටියෙන්.
පාසලේ
විනය භාරව ඉන්නේමේ ගුරුතුමියයි. ඇය දරුවන්ගේ පිරිසිදුකම, සනීපාරක්ෂාව ආදිය
ගැන නිතර සොයා බලා තියෙනවා. සපත්තු දැමීම ගැනත් බලලා තියෙනවා. මීට පෙර
දිනක දරුවන්ට අනිවාර්යයෙන්ම සපත්තු දමාගෙන එන්න කියලා තියෙනවා. එදා සපත්තු නොදමා පැමිණි ළමුන් තිදෙනෙකුට සුළු දඬුවමක් ලෙස මේ කියන දඬුවම දීලා තියෙන්නේ.
සපත්තු ගෙවල් වල තියෙද්දිත් දමා නොගෙන ඉන්න ළමයිත් ඉන්න නිසා මේ දඬුවම දීලා තියෙන්නේ. "මේ දරුවාටත් සපත්තු දෙකක් තියෙනවා. ඒක ගෙවිලා නෑ, මැහුම් ගැලවිලා තිබුනේ. මහගෙන දාන්න කියලා සඳුදා කිව්වා . සිකුරාදා වෙනතුරු එය කර තිබුනේ නෑ. ඒ නිසයි මම දඬුවම් කලේ."
දරුවා සෙරෙප්පු කරේ දමාගෙන ඉන්නවා දැක්කාම අම්මාට දැනුන ආවේගශීලී දුක මේ සිද්ධිය මෙතරම් දුර ගෙන ගියත් ඇයගේ සිතෙත් ගුරුතුමිය ගැන තරහක් නැති බව වාර්තා වලින් පෙනෙනවා.
දැන් ගුරුතුමිය වෙනත් පාසලකට මාරු කරලා.
ඕක තමයි කතාව කෙටියෙන්.
මට නම් කියන්න තියෙන්නේ පොලිසියේ OIC මහත්තයානම් වැරදි කාරයා අල්ලලා එවෙලම ඔහුට පුලුවන් විදියට කාර්ය මණ්ඩලයේ අනික් අයත් එක්ක නියමම දඬුවම දීලා.
අපිටත් තියෙන්නේ ඔය සිද්දියේ වෙන වැරදි කාරයෝ හොයන්නේ නැතිව ඔච්චර පැහැදිලිව ඔප්පු වෙලා තියෙන වැරදි කාරයට නිසි දඬුවම් දෙන්න උදවු වෙන එකයි. නැතුව මේක රස කතාවක් කර ගන්න හොඳ නෑ.
වැරදි කාරයාගේ තරම හරියටම දැනගන්න පුළුවන් "දිවයින" පත්තරේ තිබුන "ගෙවිලා නැති, මැහුම් ගැලවිලා විතරක් තියෙන" සපත්තු දෙකේ පින්තුරය දැක්කානම්.
මේක මෙතන විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි නේද?
මුළු ජීවිතයම දුක් ගොඩක පැටලිලා කොහොම හරි එයින් ගොඩට එන්න දඟලන අපේම සහෝදර ජනතාවකගේ පුංචි ප්‍රශ්නයක් ගැන අපි උනන්දුනම් මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරලා, දෙවියෙක් වගේ OIC මහත්තයාව ආදර්ශයට අරගෙන ඒ වගේ ධනාත්මක ආකල්ප ඇති කරගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ.
දකුණු පළාතේ පාසලෙකත් ත්‍යාග ප්‍රදානෝත්සවයක තෑගි ගන්න හිටිය ළමයෙකුට උත්සවයට දාන්න සපත්තු තිබිලා නෑ.
පෙරහුරුවේදී මේක දැක්ක ගුරුවරයෙක් ඒ ලමයාට සපත්තු දෙකක් අරන් දීලා. හැම තැනදීම මේ වැඩේ කරන්න බෑ
අද දරුවන්ගේ දෙමාපියන්ට විතරක් නොවෙයි, ගුරුවරුන්ටත් හුඟක් ආර්ථික ප්‍රශ්න තියෙන බව අලුතෙන් කියන්න ඕනැ නෑනේ.
අපේ අර ටීචර්ටත් අත මිට සරුවට තිබුනානම් ඒ දරුවට එයාගෙන් සපත්තු ජෝඩුවක් තෑගි ලැබෙන්න ඉඩ තිබුනා කියලත් මට හිතෙනවා.
ඉතින් කව්ද වැරදිකාරයා? දුප්පත්කම තමා. වෙන කවුද?
(රටේ, ප්‍රදේශයේ, පාසලේ, ගමේ, දරුවාගේ පවුලේ) මේ වැරදිකාරයාගේ මිසක් අනික් කාගේවත් වැරදි හොයන්න යන එක තේරුමක් නැති වැඩක්.