Friday, May 9, 2014

A Monk as President?

A Monk as President? (ජනාධිපති වහන්සේ නමක්?)


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුව
පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


9th may 2014 
A Monk as President? (ජනාධිපති වහන්සේ නමක්?)

(PDD) දාගත්තා අදනම් අප්ඩේට් එකක්. හාමුදුරු නමක් ජනාධිපති කමට තරඟ කරනවාලු. පිස්සු ඩබල් (Pissu Double) උනා. සීනියර් කට්ටියත් සපෝට් වගේ. ඒකත් අර "අපිට මොකද අපි දසසිල් උපාසක" කිව්වා වගේ තමා.

කට්ටියක් කියනවා කවුරුත් එයාලා කියන ඒවා අහන්නේ නැතිලු. බුදු හාමුදුරුවෝ කියපු එව්වනම් ඒ කාලේ රජවරු ඇහුවලු.

මෙතන බරපතල ප්‍රශ්න ගොඩක් තියෙනවා. සිද්ධාර්ථ ගෞතම බුදුරජානන් වහන්සේ නුල් පොටේ, බත් ඇටේ ඉඳලා රජකම දක්වා  තමන්ට තිබුන සබ්බ සකල දේම අත ඇරලා තමා හිස මුඩු  කරගෙන රළු සිවුරු පොරවාගෙන හය අවුරුද්දක් පෙරුම් පුරලා බුදු වුනේ. බුදු වුනාට පස්සේ උන්වහන්සේගේ වචනයට බිම්බිසාර රජතුමා කොසොල් රජතුමා වැනියෝ කන් දුන්නා තමයි. 

තමන්ගේ රාජ්‍යය තියා තමන්ගේ රාජ්‍යයයේ තණ පතකටවත් උන්වහන්සේගෙන් තර්ජනයක් නැති බව ඒ රජවරු දැනගෙන හිටියා. බයක් සැකක් නැතිව උන්වහන්සේ කියන ඕනෑ දෙයක් පිළිගන්න වගේම ඉටු කරන්නත් පුළුවන් උනේ උන්වහන්සේ හිස මුඩු කරලා හිටපු නිසාවත් සිවුරු ඇඳලා උන්න නිසා වත් නොවෙයි. උන්වහන්සේ හැම දෙයම තිබිලා සේරම අත් හැරලා දාපු කෙනෙක් නිසයි. දැන් case එක වෙනස් නේ.

කොන්ඩේ  බූ ගාලා සිවුරක් ඇඳ ගන්න එක, වින්නඹු අම්මලාගේ අයිතිවාසි කම් වල ඉඳලා රජකමට එනකම් හැම මගුලටම අත දාන්ඩ ලැබෙන ශුද්ධ වූ සුදුසු කමක් කියාලා මේ රටේ බෞද්ධ ජනතාවට ඒත්තු ගන්නවන්න අමාරු වෙයි මගේ හිතේ. ඒ වගේ හැමෝගෙම හැම දේම උදුරා ගන්න ට්‍රයි කරන කට්ටිය දෙන අවවාද වලට, අයිඩියා වලට බයක් සැකක් නැතිව කන් දෙන්න පුළුවන් මොන රජාටද?


රජ සැප තියා ඉදිකටුවක් නූල් පොටක්වත් අත හැර ගන්න බැරි, කෙලෙස් වලින් පිරිලා කුනුවෙච්ච, සමහර පංචස්කන්ධ වටේට ඔතලා තියෙන චීවර වලටත්  අමුලිකා ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් කරාපු අපේ උපාසකම්මලා මේ සැරේ නම් ප්‍රඥාව දියුණු කරා ගනීවි.

බෝසතුන් වහන්සේ පෙරුම් පුරණ කාලෙදිත්, අනන්ත වතාවක් රජකම් අත ඇරලා දාපු බව උපාසකම්මලා සැට් එක හොඳට දන්නවා. පිරිමි සැට්  එක කොහොමටත් ඉතින් හාමුදුරු වරුන්ට වඩා කැමැත්තෙන් අනික් අයට මනාපේ දෙයි. අර එක ගමනක් බර ගානක් පාර්ලිමේන්තු ගිහින් ඊට පස්සේ උන වැඩේ මතකනේ. 

මොනම තත්වයක් යටතේවත් ලබන අවුරුද්දේ තියෙන ජනපතිවරණයකින් ලක්ෂ 40 ට වැඩිය ඡන්ද ගන්න සිවුරක් ඇඳගෙන තරඟ කලොත් බැරි වෙයි. මේකට එනවානම් අඩු තරමේ ඒකවත් අත ඇරලා (සිවුරු ඇරලා) ආවොත් වැඩිපුර කීයක් හරි හම්බ වෙයි. අවංක කම පේනවනේ. මොක වුනත් හාමුදුරුනමක් තරඟෙට ආවොත් මහින්ද මහත්තයාගේ  ජය තහවුරු වෙනවා. 

තුන් වැනි අපේක්ෂකයෙක් ඇවිත් එයත් ඡන්ද ගත්තත් සිවුරට දෙවෙනි මනාප නෑ. දුන්නොත් දුන්න. නැත්නම් නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පරිනත බව 1956, 1977, 1994 පෙන්නලා තියෙනවා.
ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, ඉන්දියන්, නෝර්විජියන් (ඇයි  චීන).. කාගේ සමීක්ෂනේටත් වඩා මගේ අනාවැකිය හරි යනවා කියලා මට ෂුවර්.

(PDD) අනික් කතන්දරේ තමා විධායක ජනාධිපති කම. ඔය කොයි රටෙත් රාජ්‍ය නායකයා (විධායකය) අතේ රට පාලනය කරන්න ඕනෑ බලතල තියෙනවා. බටහිර බලවත්තු, අපේ රට වගේ පුංචි රටවල් අරාජික කරලා තමන්ට ඕනෑ විදියට නටවන්න තමා, බලය නැති, එයාලගේ පදයට නටන ආණ්ඩු හදන්නේ. බටහිර වඳුරන්ට, ඩයස්පොර ලාට කොස් ඇට බාන්න අපේ හාමුදුරුවරු විතරක් නෙමෙයි ගිහියොවත් බළල් අත් වෙන්න හොඳ නෑ.

1977 ජේ. ආර් මහත්තය අගමැති වෙලා අලුත් ව්‍යවස්ථාව හැදුවේ නැත්නම් (විධායකය බලගැන්නුවේ නැත්නම්) අද ලංකාවක් නෑ. විධායක බලතල නැතුව කොහොමද යුද්ධ දිනන්නේ. මේ සැරේ හදන්නේ රාජ්‍ය නායකයාගේ බලතල ටික අයින් කරලාම පටන් ගන්නයි. (මම කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ)
 
චන්ද්‍රිකා තමයි ඉස් ඉස්සෙල්ලම විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න අත්සන් ගහලා (ලේවලින්ද?) ඊට පස්සේ විලි ලැජ්ජාවක් නැතිව යාවජීව ජනාධිපති වෙන්න හැදුවේ. දැන් ඔය විධායක ජනපති ක්‍රමය ඉවත් කරන හවුලට ජ.වි.පෙ යි, චන්ද්රිකායි දෙගොල්ලම එනවාද? එහෙනම් ඉතින් Pissu Double ම තමා.

සාදු! සාදු!! සාදු!!!

No comments:

Post a Comment