Monday, May 12, 2014

Dreaming the Throne.

Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 
 
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ) 


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


12th may 2014 

තව අයටත් සිංහාසනේ ගැන හීන පේනවා.
ජනවාරියේදී ජනපතිවරණයක් තියයි කියලයි, හැමෝම දැන් හිතාගෙන ඉන්නේ. දැන් දැන් එක එක අයට ඔටුනු, සිංහාසන, රජගෙවල් වගේ ඒවා හීනෙන් පේන්න පටන් අරගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇරෙන්න තව කවුරුත්  ගනන් ගන්න පුළුවන් තරමේ අපේක්ෂකයෙක් තවම ඉදිරිපත් වෙලා නැති නිසා මේ ලෙඩේ හුඟක් අයට බෝ වෙමින් පවතින බව පේනවා.
පත්තර වලිනුත් මේ ලෙඩ්ඩුන්ව අල්ලාගෙන අන්දනවා. මම අද දැක්ක පත්තරේකත් ඒ වගේ කෙනෙක් එක්ක සාකච්චාවක්. බලපුවාම එයත් සිවුරු අඳින කෙනෙක්  Pissu double .
හෙඩිම මම ජනාධිපති වුනොත්. මේක එහෙම පිටින්ම සිහින කතාවක්නේ. අපි ඔය වගේ මාතෘකා වලට රචනා ලියලා තියෙනවා ඉස්සර. විහිළු, අසම්භාව්‍ය මාතෘකා නිසා මෙව්වා කවුරුවත් කොහොමටවත් සීරියස් ගන්න ඕනෑ නෑ.
පත්‍ර වල දාන්නෙත් අපට බලලා හිනාවෙන්න. අලෙවිය වැඩි කරා ගන්නත් එක්ක. මේ ටිකත් බලල හිනා වෙන්න ජෝක් වලට ජෝක් වලින්ම ප්‍රතිචාර.
ආගම

ආගම පුද්ගලික කටයුත්තක් කරනවා.

ආගම තම තමාගේ පුද්ගලික මතයක් නිසා ඕනෑ කෙනෙක් අනික් පුද්ගලික කටයුතු වගේ ඒකත් ගේ ඇතුලේ රහසිගතව කර ගන්න එකයි ඇත්තේ. ප්‍රසිද්ධියේ කෙරෙන ආගමික වැඩ කටයුතු, සාකච්චා, ආගමික සංකේත, පොත පත ආදිය පිළිබඳව  නීති සම්පාදනය කරනවා. අර අසභ්‍ය දේවල් සඳහා තියෙන නීති වාගේම.
දක්ෂම ඇමති ආහාර සම්පාදනයට.
අපේ රටේ හැම කටයුත්තකදීම කෑමට ප්‍රධාන තැනක් දෙනවනේ.   ආණ්ඩු පෙරලි බොහොමයක් සිද්ද උනෙත්  ඔය කේස් එක හින්දනේ.
බන කතාවකුත් මතක් උනා. අර හරක් හොයන්න කැලේ  ගිහින් බඩගින්නෙම බන අහන්න ආව මනුස්සයාට කෑම ටිකක් කන්න සලස්වළලු බුදු හාමුදුරුවොත් බන කිවුවේ.
සංඝාධිකරණය

ආණ්ඩුව ඔය වැඩේට අත ගැහුවොත් හාමුදුරු වරුන්ගේ නඩු අහන්න ගිහියන්වත්, වෙන ආගම් වල ගිහි පැවිදි අයවත් පත් කරන්න වෙයි ඉදිරියේදී. ඇයි ඉතින් සම අයිතිවාසිකම්නේ, හැමෝම ඉල්ලන්නේ.
මමනම් හාමුදුරු වරුන්ගේ ප්‍රශ්න ගිහියන්ගේ උසාවි වලට ගේන්න තහනම් කරනවා. අධිකරණ නායක කියලා තනතුරු එහෙම තියෙන්නේ.
මත්පැන්
මත්පැන් වැඩේනම් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් නේද? සංචාරකයෝ, විදේශ දූත  මණ්ඩල, විදේශ ව්‍යාපාරිකයෝ සහ මේ ගොල්ල එක්ක තියෙන භෝජන සංග්‍රහ වගේ දේවල් වලදි මොකද කරන්නේ. ඒ මදිවාට මත්පැන් වලින් රටේ ආදායමට ලැබෙන දායකත්වය.
මම නම් කරන්නේ මත්පැන් වලට ඉහල බදු දමනවා. ඒකත් පුද්ගලික දෙයක් කරනවා. රජයේ ආයතන, පොදු ස්ථාන සහ මහා පාරවල බීලා ඉඳලා අහුඋනොත් දඩ ගහනවා + හිරේ දානවා. මේ නීති යටතේ ඕනෑ කෙනෙක් ඕනෑ තරම් බොන එකයි ඇත්තේ.
Casino
මළ ගෙවල් වල, පිරිත්ගෙවල් වල එහෙම බුරු ගහන්න ඒ අයට හොඳයි. මමනම් කරන්නේ ලයිසන් තියෙන ඒවාට (තියෙන පහට ඇර වෙන එකක්කත් ලයිසන් නෑ) රට පුරා ශාඛා අරින්න දෙනවා. එතකොට මළ ගෙවල් වල, පිරිත්ගෙවල් වලටත් බැරියැයි, ජංගම සේවා දෙන්න, ලයිසන් කට්ටියටම. පන්ති බේදයක් නැතිව හැමෝටම පුළුවන් කුමාර ක්‍රීඩා වල යෙදෙන්න.
ඉන්න හරක්
ජනපති චන්දෙන් දිනන්න නම් ලක්ෂ පනහ පන්නන්න ඕනෑ. තව ටිකක් හිටියානම් තමයි හොඳ. හරක් වැඩි කිරීමේ ව්‍යාපාරයක් දැම්මම දියත් කරනවා.
රට රැකියා

බටහිර පොහොසත් රටවල කට්ටඬි වැඩ වලට, හදි හූනියම් , සාත්තර බැලීම, අංජනම් බැලීම වගේ  ගුප්ත වැඩ වලටත් භාවනා වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ අංශය දියුණු කරන ගමන් හවුස් මේඩ් වැඩේ අඩු කරලා දාන්න කටයුතු කරනවා.
මරණීය දණ්ඩනය

මනුශ්‍ය ඝාතනය තියා සත්ව ඝාතනයටවත් මම කැමති නෑ. දැනට අලුගෝසුවෙක් හොයා ගන්නවත් බැරිව ඉන්න වෙලාවේ ඔය අහුවුනේ හොඳ candidate කෙනෙක්. අල්ලලා පත් කරනවා. අම්මපා. (තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම දෙකටම). හැබැයි ඉතින් වැඩ කරන වෙලාවට වෙන තනතුරු වලට අදාළ uniform  අඳින්න බෑ. hangman uniform එක අඳින්න ඕනෑ
ඉඩම්
ඉඩම් ඔක්කොම  ආණ්ඩුවට ගන්නවා. පාවිච්චි කරන අයගෙන් කුලියක් අය කරනවා.
ආගමික පොලීසි
ආගම් වලට විතරක් නෙමෙයි හැම වැඩේටම ඒ ඒ වැඩේට වෙන වෙනම පොලීසී දානවා. ආගම් පොලීසි වලට, අදාළ ආගමේ පැවිදි පක්ෂයෙන්. පලපුරුද්ද බලලයි ගන්නේ.
Cabinet එකේ ගණන.
විසිපහක් මක්කටයි? ගෙදර ඉන්න ගනනට ඇමතිකම් තිබුනම හොඳටම ඇති.

National Languages
සිංහල, දෙමල තමා රටටම වසංගතයක් උනේ. තහනම් කරනවා. දෙකම.
KUDU
කාටවත් ඒ වැඩේටනම් අත  තියන්න දෙන්නේ නෑ. ඒ වැඩේ මම බලා ගන්නම්.
provincial Councils
පළාත් සභා අහෝසි කරලා, මගේ පක්ෂයේ අය විතරක් ඉන්න ඉන්නපළාත් සංවර්ධන සභාවල්  හදනවා. අර අහවල් අහවල් රටවල් වල තිබුන වගේ.
ජනාධිපති නිල ඇඳුමක් (special Uniform for President )
ජනාධිපති නිල ඇඳුමක් ව්‍යවස්ථාවෙන්ම නියම කරනවා. තොප්පි දාගෙන, ලෝගු ඇඳගෙන, තිලක තියාගෙන, සිවුරු පොරවාගෙන රජ පුටුවේ ඉඳගන්න තියෙන ඉඩ මේකෙන් වලකිනවා.

වැරැද්දක් තියෙනවානම් ඔබේ යෝජනා දාන්න. මම සලකා බලන්නම් 
 
මටනම් පිස්සු ඩබල් වෙලා.











No comments:

Post a Comment