Thursday, May 8, 2014


History  Repeats, Marketing Pali, Yaachaka potha 


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


8th May 2014 
History repeats, Marketing Pali, යාචක පොත

History  Repeats, Marketing Pali, යාචක පොත
(PDD) ඉතිහාසය නැවතත් සිද්ද වෙනවා කියල කතාවක් කියනවා.

පොඩි දරුවෙකුගේ වැඩකදී ෆුල් සපෝට් එකක් දීලා අවශ්‍යනම් 80%ක් 85% විතර කරලා දීල වැඩේට ෆයිව්  ස්ටාර්ස් (ග්ලිටරින්ග්) දීලා ළමයි හදන තාත්තලා අම්මලා ට වයසට යන කොට ඒ අවශ්‍යතාවයම එන වෙලාවල් තියෙනවා.

එහෙම හරියට වැඩ කරපු අයට 5 ස්ටාර්ස් ලැබෙන්නේ දරුවන්ගෙන් විතරක් නෙමෙයි.තව ඉන්නවා ටීම් එකේ මුනුබුරු මිනිබිරියනුත්. බලා ඉන්න අයත් ඉඳ හිට අප්පුඩි ගහනවා. එහෙම අයට හම්බ වෙන ස්ටාර්ස් වලට බන පොතේ කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා.
යුතුකම් ඉටු කලොත් වරදින්න හේතුවක් නෑ. හැමෝම ඒක කලොත් පත්තර වලට සිද්ද වෙන්නේ නෑ වැඩිහිටි නිවාස වලට ගිහින් standard "දරුවෝ නොසලකන" කතන්දරේ ලියන්න. මොකද හැම පත්තරේකම වගේ මාසෙකට දෙකකට සැරයක් විතර මේ ටොපික් එකෙන් ලිපියක් තියෙනවා.

හැබැයි ඉතින් දරුවන්ව ගඟට දාන තාත්තල ගැනයි, හරියට මතක ශක්තියක්වත් නැති අම්මලා තාත්තලාත්  එක්ක දුර ට්‍රිප් ගිහින් ඒ අයව මග අමතක වෙලා එන දරුවන්ගෙයි කතා කියවන වෙලාවටනම් පිස්සු ඩබල්.


(PDD) Marketing Pali, පාලි භාෂාව අලෙවිකරණය.

බන චැනල් එකේ අපුරු බණක්. ඇත්තටම හරිම හොඳයි. පින්වතුන්ට නොතේරන පාලි කොටස්, වරදින තැන් කීපයකුත් ලස්සනට කියා දුන්න. අන්තිම ටිකනම් මගේ මෂ්තිස්කයට ගියේම නෑ. ඇම්ඩා කියා දීපු තර්ක ක්‍රමයට කොහොමටත් අල්ලන්නේ නෑ.

හාමුදුරුවෝ කියන්නේ බුද්ධ භාෂිතය විකෘති නොවෙන්න නම් සිංහලෙන් තිසරණ, පිරිත් කියන එක හොඳ නැතිලු. සිංහලෙන් බන කියන එකත් හොඳ නෑ එහෙනම් . ළමයිනේ, බලාගෙන. පාලිත් ටියුෂන් ගන්න වෙයිද දන්නේ නෑ.

ලංකාවේ බෞද්ධයන්ගේ භාෂාව සිංහලනම් බුද්ධාගමේ හැම වැඩක්ම සිංහලෙන් කලොත් මොකද වෙන්නේ. මමනම් හිතන්නේ පන්සිල් ගන්න, තෙරුවන් වඳින්න වගේ වැඩටත් සිංහල භාවිතා කරනවානම් අඩු තරමේ බෞද්ධයෝ පන්සිල් නවගුණ වත් දැන ගනීවි.

භාෂා ප්‍රශ්නේ නිසා පනස් ගණන් වල හැට ගණන් වලදී දෙමල මිනිස්සු වැටුණු තත්වය මොකද්ද කියල මට දැන් තේරෙනවා. සිවගුරුලා, සුබ්‍රමානියම් ලා සිංහල පාස් කර ගන්න බැරුව EB පැනගන්න බැරුව විඳපු දුක්, මේ සිංහල අපිටත් මතකයි.
හාමුදුරුවන්ගේ මීටරයට වැටිලා නෑ සිංහල භාෂාව දැනුත් 50% විතර පාලි තමා කියන එකයි, සිංහල භාෂාවේ කිරිකිත්තා පාලි නෙමෙයිනම් පාලි වල ලඟම ඥාතියෙක් කියන එකයි. අනිත් එක තමා බුදු හාමුදුරුවෝ වැඩියෙන්ම බන දේශනා කලේ ඒ කාලේ මගධ, කෝසල වගේ රාජධානි වල මිනිස්සුන්ට ඒ අයගේ භාෂාවෙන් බව.
බුදු හාමුදුරුවෝ ඇත්තටම ඉන්දියාවේ ඉස්සර ජීවත් වුන උතුම්ම උතුම් real මනුස්සයෙක් කියන එකත් අමතක වෙලා. දැන්වත් ඒහිපස්සික බුදු දහම හොයා බලන එක ඇඟට ගුණයි.

බන ඉවරයි. අරියධම්ම හාමුදුරුවන්ගේ සිංහලෙන් කරපු බෝධි පුජාවක recording එකක්. පිස්සු ඩබල්.  (එකම චැනල් එකේ අයිඩියා දෙකක්. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය)
මට හිතෙන්නේ පාලි මාර්කට් කිරිල්ල පැත්තකින් තියලා ශ්‍රී බුද්ධ ධර්මය සිංහලෙන් මාර්කට් කලානම් ස්වාමීන් වන්සේලාටයි ගිහි අපටයි දෙගොල්ලන්ටම ඉක්මන් නිවන් සුව. (මට හිතෙන විදියට).
(PDD) යාචක පොත කියල ලිපියක්. පාර දිගේ කියවලා ඉවර කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඊට වැඩිය ඉක්මනට මට පිටු 150ක් තියෙන ජනප්‍රියම ඉංගිරිස් පත්තරේ ඉවර කරන්න පුළුවන්.

(Education section එකයි employment section එකයි මංගල යෝජනා set එකයි අපි වගේ සැන්දෑ කාලේ ගත කරන අයට නුසුදුසු නිසා පැත්තකින් තිබ්බම පත්තරේ  කෙට්ටු වෙනවා හොඳටම.)
යාචක කතාවත් පුනප්පුනං එන කතාවක්. දෙන්දෝ නොදෙන්දෝ කියලා දෙගිඩියාවට මම වැටුනා අඩ  සියවසකට විතර ඉස්සර.

(PDD) මට රජවීදියේ බස් ස්ටෑන්ඩ් එකේදී (සෙනසුරාදා දවසක)හම්බ උනා මනුස්සයෙක්.  මෑන්ගේ පර්ස් එක පික් පොකට් ගහලා. කොළඹ යන්න තියෙන්නේ. පවුනේ කොළඹ ටිකට් එකටයි කෑගල්ලේ බස් කඩෙන් තේ පාරක් දා ගන්නයි ඇති වෙන ගානට රුපියල් දෙකක්ම දුන්න. රුපියල් දෙක ලොකු ගානක්. මිනිහෙකුගේ දවසක පඩිය .. ආණ්ඩුවේ චෙක් රෝලේ

මිනිහා මම ගොඩ උන බස් එකට ගොඩ උනේ නෑ. ඊ ළඟ බස් එක පැය බාගෙකින්. (ඒ කාලේ නුවර-කොළඹ බස් දවල්ට පැය බාගෙන් බාගෙට. රෑට පැයෙන් පැයට එළිවෙනකන්. රටටම ටික ටික curfew (official and unofficial  කොවුවත්) වැටෙන්න ගත්තේ හැත්තෑ එකෙන් පස්සේ. 2009 දී ඒක  ඉවර වුනේ කොන්ද පන තියෙන මිනිස්සු ටික දෙනෙකුට පින් සිද්ද වෙන්න)

පිස්සු ඩබල්. ඉතිහාසේ කියන්න ගිහින් යාචක පොත අමතක වෙන්නයි ගියේ. අල්ට්ස්හයිමර් දොර ලඟට ඇවිල්ලාද?
සඳුදා උදේ බෝ ගහ ළඟ බස් ස්ටෑන්ඩ් එකේදිත් මිනිහගේ පර්ස් එක නැතිවෙලා. පවු මිනිහ අද යන්න ඇවිත් තියෙන්නේ ගෙදර යන්න. මාතර. පිස්සු ඩබල්. මම බැනලා එලෙව්ව.
අද මම අවුරුදු පනහක් එකතු කරගෙන. (ළඟ පැත්තෙන් බලන කොට නම් අඩු කරගෙන) චින්තනේ වෙනස් වෙලා. කවුරු හරි ඉල්ලුවොත් පුළුවන් විදියට දීලා අමතක කරලා දානවා. මෛත්‍රී චේතනාව, අලෝභ චේතනාව සහ නෙක්ඛම්ම චේතනාව කැත කර ගන්න ඕනයැ? තව, නොතේරෙන දේවල් විග්‍රහ කරන්න ගිහින්.
මට මේ ටිකේ දේශපාලනය follow කරන්න බැරි උනානේ. දේශපාලන මාතෘකා වලට ඉස්සරනම් ප්‍රමුඛතාවය. දැන් නම් ප්‍රමුඛතා  ලැයිස්තුවේ පශ්චාත් භාගයේ. අග හරියේ. ඒ උනාට තරුණ කාලේ Theoritical Physics උගන්නපු ආචාර්ය වරු තවම මැයි පෙළපාලි වල යනවා දකින කොට නම් අනුකම්පාව උතුරලා යනවා. විෂබීජ ඇතුල් උනාම ලෙඩේ සනීප උනත් විෂබීජ Dormant වෙලා ඇඟ ඇතුලේ තියෙනවාලු. ඒකනේ ඔය අස්සෙ ඒකත් mata මතක් උනේ.

මොක උනත් උනත් update එකක් දා ගන්න ඕනෑ.

No comments:

Post a Comment