Wednesday, May 14, 2014

Nadu, Nadu, Nadu

Nadu Nadu අල්ලස් කොමිසමේ නඩුව, දන ගැස්සීමේ නඩුව හා බුලත් කෙල නඩුව


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ) 


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


13th may 2014

Nadu Nadu Nadu Nadu
අද පත්තරේ බලන කොට  ඔක්කොම නඩු. නිකම් පිස්සු ඩබල් වගේ. ඔන්න බලන්න. හැබැයි මම ලියන දේවල් විශ්වාස කරන්න එපා. මෙව්වා පිස්සු ඩබල් නේ.
(PDD)  අල්ලස් කොමිසමේ නඩුව.
මේක අර ලොකු තැනක හිටපු කෙනකුට විරුද්ධව අල්ලස් කොමිසම දාපු නඩුවක්. විත්තිකාරි කියනවා වැරදිකරුද, නිවැරදිකරුද කියන්න බැරිලු. ඇත්ත නේන්නම්. ඒක තීරණය කරන්න ඕනෑ උසාවියනේ. පිස්සු ඩබල්. මහේස්ත්‍රාත් තුමාගේ මුළු රාජකාරි ජීවිතයටම  මේ වගේ ප්‍රශ්නයක් ආවේ මේ සැරේලු.
පොත් බලලා, තව දන්නා කරන අයගෙනුත් අහලා තමයි ඉදිරි ක්‍රියා මාර්ග ගන්න වෙන්නේ. මගේ හිතේ.

අපේ රටේ නඩු අහන හැටි ඉගෙන ගන්න විදෙස් නීති ධරයොත් ඇවිල්ල. ඔය තියෙන්නේ ඉගෙන ගන්න දේවල්.
(PDD)
ගුරුවරියකට පාසල තුලදීම ශිෂ්‍යයන් ඉදිරියේ දන ගස්වා හිංසනයට ලක් කල ප්‍රාදේශීය දේශපාලකයෙකුට උසාවියෙන් දඬුවම් කරලා. බරපතල වැඩ සහිත අවුරුදු දෙකක් හිරේ (අත් හිටවූ)
පනස්දාහක් දඩ. ගුරුතුමියට ලක්ෂ තුනක වන්දියක් (පැය දෙකක් ඇතුලත) ගෙවන්නත් නියම කරලා.  එහෙම ගෙවන්න බැරිනම් තව හිර දඬුවම්.
සාමාන්‍ය ජනතාවනම් මේ වගේ තීන්දු වලට කැමතියි වගේ.
(PDD) දුම්කොළ සමාගමේ අභියාචනය ඉවතට
මේක ඉතා වැදගත් නඩු තීන්දුවක් නේ. Follow  නොකරපු අයට පොඩ්ඩක් විස්තරේ දෙන්නම්. සිගරට් පැකට් වල පිට පැත්තේ 80% ක් පිරෙන්න, දුම්බීමේ විපාක පිළිබඳව රූප සහිත අවවාද දාන්න කියලා ගැසට් නිවේදනයක් නිකුත් කළා, සෞඛ්‍ය ඇමති තුමා.

මේක 35% ක් කරන්න කියලා දුම්කොළ සමාගම උසාවියෙන් ඉල්ලුවා රිට් ආඥාවක්. උසාවිය දුන්න තීරණය අනුව අනුව 50% - 60% ක් රූපමය අවවාද වලට වෙන්කරන්න ඕන.

බලන කොට ඒ තීරණයත් හොඳයි. සිගරට් බොන මිනිහාට Brand එකවත් බලා ගන්න පුලුවන්නේ. තමන්ට  හැදෙන්න තියෙන පිලිකා වල වලට අමතරව.

(PDD)  බීමත් සහතිකේ නොදුන් දොස්තර රිමාන්ඩ්

මාතලේ පොලිසිය විසින් රජයේ රෝහල වෙත ඉදිරිපත් කල බීමත්  පුද්ගලයෙකු සම්බන්දව බීමතින් නොමැති බවට සහතිකයක් නිකුත් කල දොස්තර මහතෙක් පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත. (පිස්සු ඩබල්)
මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු ඉදිරිපත් කල පොලිසිය කියා සිටින්නේ දොස්තර මෙසේ කර ඇත්තේ දින කීපයකට පෙර, ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණි කුඩා ළමයෙකුට පයින් ගැසීමේ සිද්ධියක් සම්බන්දයෙන් පොලිසිය දොස්තරට විරුද්ධව නීතිමය ලෙස ක්‍රියා කිරීමට එකට එක කිරීමක් වශයෙන් බවයි.
(PDD) බුලත් කෙල නඩුව, දඩය 1500 යි.
 බස් රථයක කවුළුවෙන් එලියට බුලත් කෙල ගැසීම සම්බන්දව වරද පිලි ගත් බස් රියදුරෙකුට රුපියල් 1500 ක දඩය නියම කර ඇත.
තීන්දු දුන් නඩු වලට අමතරව තව ගොඩක් නඩු නිමිති.  ඔන්න බලන්න
රජය පැත්තේම නාගරික මන්ත්‍රී කෙනෙකුට මහා දවාලේ මහ පාරේදී වෙඩි වරුසාවක් තියලා. එතනම මැරෙන්න. වෙඩි තියලා තියෙන්නේ නාඳුනන තුවක්කු කරුවෙක්ලු. මෙයාලා  කාලයක් කොහේ හරි ගිහින් ඉඳලා දැන් ආයෙත් එනවා වගේ. 
මේ කට්ටියේම (නාඳුනන) තව කීප දෙනෙක් පොලිසියේ දෙන්නෙක්ව අරගෙන ගිහින් එක්කෙනෙක්ව මරලා. අනික් කෙනා පොර බදලා බේරිලා ඇවිත්. uniform දෙක ගලවාගෙන ගිහින්.
පොලිසියෙන් අත්අඩංගුවට ගත් බදුල්ල පැත්තේ අවුරුදු 18 ක තරුණයෙක් මිය ගිහින්.
තව ගොඩක් තියෙනවා. මමනම්  කියෙව්වා. ඒත් දැනට මේ ඇති.


No comments:

Post a Comment