Monday, May 5, 2014

Hits galore, Initials

Hits galore, Initials,  Googol and human cube, Bhoomi Thel,


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)

දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.

 
මැයි 6 දා
Hits galore, Initials,  Googol, Bhoomi Thel,
(PDD ) Blog ekata හිට් තොගයයි. පිස්සු ඩබල්. බොරු නෙමෙයි, ඇත්තමයි. ඒත් comment එකක්කත් නැත්තේ මොකද කියලා බැලුවා.

දන්නා  කාටවත් කිවුවේ නෑනේ. කොහොම කියන්නද? උන් ඔක්කොම හිනා වෙයි මම හැරමිටි  ගහන ගමන්  පිස්සු ඩබල්  ලියන කොට.

අනිත් එක තමා. හුඟක් හිට් එන්නේ US, UK and Russia වලින්. Canada, Oz , Nz වලිනුත් ටිකක් තියෙනවා. මට හිතෙන්නේ සුද්දෝ වෙන්නැති. ඒකනේ
comment නැත්තේ.

Google Translate එකට සිංහල ආපු දාට මටත් Comment ඒවි. එතකන් අරින්නෙම නෑ. බයිලින්ගුවල් හින්ද ඉංගිරිස්, සිංහල, බැරිනම් සින්ගිරිස් වලින් හරි දාන්න බැරිද.

(PDD) පොඩි එක්කෙනෙක් මගෙන් අහනවා "ඇයි සීයේ ඒ කාලේ දිමු විජමු වගේ නම් දාන්නේ?" කියලා. මම කියා දුන්නා දිගටම අදින්න බැරි උන පනස් හයේ විප්ලවය ගැනයි බොහොම අමාරුවෙන් සිංහල රජ කරා ගත්ත විදියයි ඒකාලේ තිබුන තව ප්‍රසිද්ද නම් ගැනයි (ගුලි, ඇර මහත්තයා වගේ) 

මෙව්වා පොඩි එවූන්ට කියා නොදුන්නොත් අපේ සංස්කෘතියට, අපෙන් වෙන්න තියෙන යුතුකම පැහැර හැරියා වෙනවා. අද නම් ලොකු මුනුබුරාට පිස්සු ඩබල් උනා. මම කෝකටත් ඇර මහත්තයා ගැනයි අපේ ඉස්කෝලේ ගැනයි කියා දීලා ටිකක් ෂේප් කරලා යැවුවා.
(PDD) ඇර මහත්තයා අපේ ඉස්කෝලෙට උගන්නන්න ආවේ මම දෙකේ පන්තියේ ඉන්න කාලේ. සුදට සුදේ National එක ඇඳගෙන කිරි කොකා වගේ එන කොට ලස්සන කියන්න බෑ

ඇර මහත්තයා national ඇන්දාට ඉංගිරිස් හොඳට කතා කරන්න පුළුවන්. ඉංගිරිස් උගන්නන ලස්සන චුටි රතු ඉංගිරිස් නෝනා එක්ක ඉංගිරිස් කතා කරනවා මට අතටම අහු උනා. 
ඇර මහත්තයා ගේ නම ඇන්ටන් රසල් විජේසිංහ. නම ලියන්නේ ඇ. ර. විජේසිංහ කියලා. එයා ඔය national ඇඳගෙන ඇ. ර. විජේසිංහ කියලා නමත් වෙනස් විදියට ලියාගෙන තියෙන්නෙත් සිංහල භාෂාව, සංස්කෘතිය බේරා ගන්නලු. 

මට පහු කාල වලදී ඒ වගේ තවත් අය මුණ ගැහුනා. සමහරුනම් ඇඳපු national එක ගලවා ගන්න බැරුව හිටපු අය. ඒ උනත් රට, ජාතිය, ආගම ගැන ආඩම්බරයක් ඇතිව national එකත්  ඇඳගෙනම වැඩ කරපු වැඩ පෙන්නපු Governor විජමු වගේ අය ජාතියටම ආඩම්බරයක්.

(PDD) සිංහලෙන් නමේ මුලකුරු ලියන රැල්ල ඉවර වෙන කාලේ මගේ සිංහලෙන් ගහන අත්සනේ මුලකුරු තිබුනෙත් සිංහලෙන්. අත්සනත් සිංහලෙන්. සිංහල අත්සන නිසා පිස්සු ඩබල් උනේ පිටරැටියන්ට සිංහල අත්සන ගහලා පෙන්නන කොට. ඉක්මනටම ඉංගිරිස් අස්සනක් හදා ගත්තා.


මුලකුරු භාවිතය ගැන විහිලු කතා ගොඩක් ඒ කාලේ තිබුනා. ඒවා දැන් යල් පැනලා. යල් පැනපු වී කන්න දෙකක් පහු වෙලා නිසා පැල වෙන්නේ නෑ. යල් පැනපු විහිළු වලට හිනා යන්නෙත් නෑ. 
ඒ වුනාට ලීල් ගුණසේකර මහත්මයා ලියාපු අත්සන කතාවේ ඇස්. ලොකුබණ්ඩා මතක් වෙන කොට ඒ පැටලිලි වල රසවත් කම තවමත් විඳින්න පුළුවන්. ලීල් ගුනසේකර කියන්නේ ඒ කාලේ අනුරාධපුර පළාතේ වැඩ කරපු දිසාපතිවරයෙක්. අත්සන සහ පෙත්සම පොත් දෙකම එතුමාගේ ඒකාලේ අත්දැකීම් පසුබිම් කරගෙන ලිවුව නවකතා.

මේකත් කියවලාම බලන්නකෝ. 
අපේ ගමේ මනුස්සයෙක් වයඹ පළාතේ ගමකින් හිරයක් ගත්ත. (හිරයක් ගැනීම ගැන නොදන්නා අයට පස්සේ දවසක කියන්නම්) මනමාලිගේ ගම පුබ්බිලිය. නම පී.කේ. ලොකුමැනිකා. 
මනමාලි රෙජිස්ටර් රාලහාමි ළඟ අස්සන ගහපුවම රාලහාමිට හිනා ගියාලු. අකුරු සාස්තරේ දන්නා වැඩිහිටියෙක් කිට්ටු කරලා බලලා කිවුවලු. "කෝ ඉතින් අස්සනේ හැටියට බඩු නෑනේ" කියල. පිස්සු ඩබල් thamayi. මනමාලිගේ වාසගමටත් ගමේ නම එනවා. ඒ ළමයා ගිය ඉස්කෝලෙත් ඇර මහත්තයා වගේ මහත්තයෙක් උගන්නලා. මනමාලිගේ අත්සනත් මගේ අත්සන වගේ සිංහලෙන්.
 

(PDD) Human Cube ගණනෙන් පස්සේ මම හෙව්වා ලොකු ගණන් ගැන. ගූගොල් (Googol) එක තමයිලු ලොකුම ඉලක්කම. ඒකේ වටිනාකම 10 බලේ 100 යි ලු. මේ ගණන විශ්වයේ තියෙන ඔය ප්‍රොටෝන්, නියුට්‍රෝන් හා ඉලෙක්ට්‍රෝන් ගනනටත් වඩා  වැඩියිලු. Google  නමත් Googol කියන එක වැරදියට ටයිප් වෙලා හැදිලා තියෙන්නේ. 

ඊ ටත් වඩා ලොකු ගණන් තියෙනවාලු. (Googolflex), (Graham's Number) වගේ. Graham's Number එක හදන හැටි හොයන්න ගියාම ආයෙත් ඇම්ඩව මතක් උනා. පිස්සු ඩබල්. ඇම්ඩා  (Amdaa), අයින්ස්ටයින්ලා, හෝකින්ස්ලා (Einstein, Hawkins) වගේ ප්‍රසිද්ද උනේ නැති එක ගැන මට දුකයි. ඒත් එක අතකට ඇම්ඩා ගත කරාපු ජීවිතේ උනත් නරක නෑ කියල වෙලාවකට හිතෙනවා. මාස හතර පහකට ඉස්සෙල්ල ඇම්ඩා ඔක්කොම දාලා යන්න ගිහිල්ලා.

මම හෝඩියේ, ඇම්ඩා දෙකේ. අපි දෙන්න එක බැංකුවේ එක ලඟින් ඉඳන් හිටියේ. පිස්සු ඩබල් නේද? අපේ ඉස්කෝලේ එහෙම තමා. (ඉවසන්නකෝ, ඉස්කෝලේ කතාව පස්සේ දවසක ලියන්නම්.)  

දැන් කියන්නේ Graham's Number එකට ඇම්ඩගේ සම්බන්දය. දෙකේ නෝනා කිවුව අටපට්ටමට පට්ටම් අටයි කියලා. දෙකේ පන්තියේ ඇම්ඩ කිවුව වැරදියි කියලා. නෝනා පොඩ්ඩක් රවලා බලන කොට වෙන කෙනෙක්  කිවුවා අටපට්ටම හදන්න කොටු හයක් ඕන කියලා. ඇම්ඩා තරයේම ප්‍රකාශ කලා අටපට්ටමට පට්ටම් (පැති) 14යි කියලා. Graham's Number එක ගැන හෙව්වොත් මම කියන්නේ මොකද්ද කියලා තේරෙයි.  

ඇම්ඩලා "අපි" ඒකාලේ ග්‍රැහැම් නම්බර් ඉගෙන ගත්තු අය තමා දැන් මෙහෙම උනාට. පිස්සු ඩබල්.  N.D. ගුණපාල ඇම්ඩා උන හැටියි, අවිධිමත් සාහිත්‍යයේ ජනප්‍රිය චරිතයක්‌ උන හැටියි පස්සේ ලියමු.

(PDD) දැන් ඉන්න ළමයි විතරක් නෙමෙයි අපේ ළමයිනුත් අපට කිවුවේ, කියන්නේ දැන් ළමයින්ට ඉස්සර ළමයින්ට වඩා හරියට ඉස්කොලේ වැඩලු. දැනුමත් හුඟක් වැඩියිලු. මොන බොරුද? ඇම්ඩලා අපි දෙකේ තුනේදී හදපු හැතැප්ම, පරලොන්, දම්වැල්, යාර, අඩි, අඟල් කොන්වර්ෂන් කරන්න තියා හරියට චක්කරේවත් දන්නේ නෑ දැන් ඉන්න ළමයි.

ඔය එක උදාහරණයක් විතරයි. වැඩිම උනොත් දින, සති, මාස හරි, පැය, විනාඩි තප්පර හරි ගානක් හදයි. ඒත් Calculator එකක් නොහෙව්වොත් මෙන්න මගේ කන. හැත්තෑ ගණන් වල මෙට්‍රික් ක්‍රමේ දමලා අපේ රටේ ළමයින්ගේ ගණිත ඥාණය හොඳටම වැටුණා.

(PDD) භූමිතෙල් කරත්තේ.
Idiom වලින් කියන්නේ හිතට කාවදින්න. හොඳට වදින්න හරියට ගලපලා එකක් කිවුව ගමන් දැන් ඉන්න අය දාහක් ප්‍රශ්න දානවා. පිස්සු ඩබල් වෙනවා. 


මම ඊයේ මොකද්ද කතාවකට බුමිතෙල් කරත්තේ වගේ කිවුව. "සීයා බොරු කියන්නේ. කරත්තෙට එන්ජින් නෑ. තෙල් දාන්නේ නෑ, හරකෙක් බැඳලා යන්නේ. මම දැකලත් තියෙනවා." එක්කෙනෙක් කියනවා. 

මගේ වටිනා කාලයෙන් පැය බාගයක් ගියා idiom එක තේරුම් කරලා දෙන්න. තව විනාඩියකින් tab එකක්  අරන්ඇවිත් එයා මට භූමිතෙල් කරත්තේ පෙන්නුවා.
හැම දෙයම ක්ෂණික වෙලා.
serendib.btoptionslk/cpanel/uploader/1293/6.jpg

භූමිතෙල් කරත්තේ වගේ කියන්නේ  නැවති, නැවතී  යන අයට. භූමිතෙල් කරත්තේ නවත්තන්නේ භූමිතෙල් විකුනන්න.

භූමිතෙල් කරත්තේ වගේ යන අයත් කකුල් දෙකට විරාමයක්, සන්නිවේදන අවශ්‍යතා, හුවමාරු ගනුදෙනු (බුලත් වෙනුවට පුවක් වගේ) විවිධ  ඕනැ එපාකම් සඳහා මෙවැනි ගමන් රටා යොදා ගන්න ඇති. මොකෝ දැන් වගේ ප්‍රවාහන පහසුකම් තිබුනයැ? cellphone, facebook
තිබුනයැ?

මේ දවස් වලත් බන අහනවා ලියන්න වෙලාක් නෑ.  ඒත් මේ ටික ලියන්නම්. හරිම වැදගත්. 
නිවනට දොරටු
පහක්තියෙනවලු. බන ඇසීම, ධර්ම සාකච්ඡ, බන දෙසීම, බන මෙනෙහි කිරීම සහ සමථ විපස්සනා. බලන කොට නිවන් යන එකත් එච්ච‍ර අමාරු නෑ වගේ. (ඕනෑනම්).





No comments:

Post a Comment