Friday, May 2, 2014


 May Day, Under the Banyan Tree, Driving Licenses for Buddhist monks, New stand of J. Rankin, Me and Amdaa.......

Warning!!! This Blog is strictly for mature adults. Not even for students over 18, unless they have passed their childhood. The contents can be misleading and/or incomprehensible for them.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.

 මැයි 1 දා
අම්මාද බොල. අද මැයි  දිනේ. TV එක දැක්කම තමා ඒක මතක් වුනේ

(PDD) උදෙන්ම ජනාධිපති තුමාගේ සහ අගමැති තුමාගේ පණිවුඩ දෙක


දෙන්නම අද ජනපති  ලාංචන, රාජ ලාංචන, ව්‍යවස්ථා ලාංචන, ජාතික කොඩි ඔක්කොම පැත්තකට දාල හතර වෙනි ජාත්‍යන්තරයට බැඳිලා ඒ කොඩිය යට.

බාහුලා වාසුලා තිස්සලා කොහොමහරි කම්කරු දිනය දිනාගෙන. වගකිවයුත්තෝ මේවා බලනවානම් තමයි  හොඳ. හතර වෙනි ජාත්‍යන්තර කට්‌ටිය 1935 දෙසැම්බර් 18 දා ඉඳලා ආපු දුරත් ඒ අතරතුරේ  ජනතාව ආපු දුරත්, හවස් වෙන කොට නෙලුම් පොකුණෙන් පටන් අරගෙන මැදියම් රෑ වෙන තුරු කැම්බල් එකට ගලපු ජන ගංගාවෙන් පෙනුන.

(PDD) නුග ගස් හෙවන යට වෙන මොනම පැලයක්වත් වැවෙන්න තහනම්. කොහොම හරි යන්තම් මොකක්දෝ එකක් ඒ අස්සේ. පැයක් විතර නුග සහ වෙන මොකුත් නැති සාකච්චාවක්. 
මරේ මරු. දැන් ආයිත් ඩබල් උනා. ගණන් තියා ගන්න. දැන් ඉන්ටු ෆෝර්. 4x4. මැයි දිනේ හදාගෙන තියෙන්නේ ඉස්සර යුරෝපේ රටවල බොන්නයි, සින්දු කියන්නයි ලු. සා දුකින් පෙලෙන උන් - දැන් ඉතින් .. කියල සින්දු කියන එකෙන්ම එක පේනවලු.
කාල වරෙන්කො. 1871  පටන් කිවුව සින්දුවටත් දුන්න බැටේ.




(PDD) TV eka නිමල පෙරලුව පත්තරේ. ඊයේ එකද කොහෙද. වාහන බලපත්‍ර භික්ෂූන්ට කැපද? කියල  හොඳ ලිපියක්. මගේ හිතට අල්ලලා ගියා.ඉතාම මද්යස්තව, ප්‍රායෝගිකව තර්කානුකුලව ලියලා. ඒත් ඇයි  හාමුදුරුවනේ අපෙන් අහන්නේ? Senior කට්ටිය එකතු වෙලා තීරණය කලානම් නේද හොඳ? ගිහි අපට දොසමුල සිත් පහල නොකර.
ආයෙත් ඩබල් උනා.කීයද දැන් ? 2x2x2


තර්ක ගොඩයි. මානව අයිතිවාසිකම් යටතේ මිනිස්සුන්ට අයිති හැම දෙයම හාමුදුරුවන්ටත් අයිතියි. ඇත්ත නේන්නම්. බෝධිසත්වයන්වහන්සේ අසන්ක්‍ය කල්ප ලක්ෂ විස්සක් විතර අත් ඇරලා අත් ඇරලා පළමු විවරණය ගත්තේ.ඊ ලඟට දස පාරමිතා පුරලා බුදු වුනේ. කොන්ඩේ බූ ගාලා සිවුර පෙරෙව්වාට පස්සේ ගොඩක් දේවල් අත් හරින්න වෙනවා. මම ලිස්ට් ලියන්න යන්නේ නෑ.
අපේ අම්මලා සිල් ගත්ත දවස් වලට, වෙනදාට ඉඳ ගන්න ලොවී බන්කුවයි, වෙනදාට අඳින මල් මල් චීත්ත රෙද්දයි, රෑට කන බත් පිඟානයි හවසට බොන තේ එකයි තව ගොඩක් ජාති අත් ඇරියා. අනේ හාමුදුරුවනේ, ඔය දේශපාලනයේ, පරිපාලන සේවයේ, දිසාපාමොක් සේවය, රියදුරු සේවය, හෙදසේවය වින්නඹු සේවය ත් ඇතුළුව සියලුම රැකියා වල උරෙනුර ගැටීගෙන එකට වැඩ කරගෙන ඉන්නා swaameen vahanselaa අපි කාට කාටත් නිවන හරි දුරයි වගේ නේද.

නැත්නම් රහතන් වහන්සේලාගේ සමාජයකටවත් බැඳීල (student membership thiyenawaa) කෙටි පාරක් හොයමු නේද?.

(PDD)
ඒ පත්තරේ පැත්තක තියලා ගත්තා වෙන එකක්. තවත් හොඳ ලිපියක්. ඒක  මේ දෘෂ්ටි  කෝණයක්. අපේ අලුත් පරම්පරාවේ සිංහල බසට පෙරලුවොත් දර්ශනයේ ලක්ෂ්‍යයක්. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් තුමා කිවූ කතාවක් පිළිබඳව තීරු ලිපියක්.
ජෝන් රැන්කින් මහත්තය කියන්නේ ඒ ගොල්ල සම්බාධක පනවන්නේ නැතිලු. ඔන්න ඉතින් ආයෙත් පිස්සු ඩබල්. කීයද ගාණ. 2 බලය 4 යි සමානයි 8 යි.

මධ්‍යම බැංකුව කියා හිටිනවා. ජිනීවා යෝජනාවට පස්සේ නය නිකුතුවේදී බලාපොරොත්තු ගානට වඩා තුන් ගුණයක් ලන්සු ලැබිලාලු . ඒ මදිවාට  තවත් අඩු පොලියට.

ජෝන් රැන්කින් මහත්තය දැන් කියන්නේ ඒ ගොල්ල සම්බාධක පනවන්නේ නැතිලු. අහවල් එකටද දන්නේ නෑ යෝජනා ගෙනාවේ. ජනාධිපති තුමා කෙලින් ඉන්න හින්ද ඒ අයට අකුලා ගන්න වෙනවා.
දෘෂ්ටි කෝණයේ අන්තිම පේලි හයට (කොටින් කියනවානම් පිටුවක් පුරවලා ලියලා අන්තිමට නිගමනය ලියපු තැනට.) නම් මම කොහොමටවත්  එකඟ නෑ. අන්න එතන තමා අපේ රටේ තියෙන නියම මානව අයිතිවාසිකම තියෙන්නේ. පත්තරෙන් වචන ගානට සල්ලි අරගෙන තමන්ගේ කෝණය ලියන්න තියෙන අයිතිය වගේම සල්ලි දීලා පත්තරේ ගන්න හෝ නොගෙන ඉන්නත්, ගත්තොත් ඒක කියවන්න හෝ නොකියවා ඉන්නත් අයිතියක් මේ රටේ තියෙනවා.

හරියටම ඩබල් උනේ ඔන්න ඔතෙන්දි. දැන් 8x2 = 16 යි.
ඇමෙරිකන් කාරයෝ ඉරානයට දාපු සම්බාධක නිසා, යුරෝපා හවුල  ජී එස් පී කපපු නිසා අපි කන කට්ට තේරෙන්නේ බඩවල් වලට තමයි.

චන්ඩි පැනලා දුවන කොට පස්සෙන් දුවලා පස්සට වඳින්න අපි සුදානම් වෙන්න ඕනෑ නෑ කියන එක මගේ අදහස.

මේවා කියන්නේ රියල් වර්ල්ඩ් අත්දැකීම් තුලින්.

දෙන්ඩද ඒ ටිකත්.
හෝඩියේ වැඩක්.
ඉස්කෝලේ ගහ යටින් අහුලා ගත්තු මගේ වෙරළු ගෙඩිය ගන්න චන්ඩි  පොරක් ෆුල් ට්‍රයි. දුන්නෙම නෑ.
පොර කියනවා."වරෙන් අද ඉස්කෝලේ ඇරිලා අපේ ගේ ගාවින් යන්න. වෙරළු ගෙඩිය නුදුන්නොත් තාත්තට කියල ගල්කුරෙන් අන්නවනවා."
"උඹේ තාත්තටවත්, බාප්පලාටවත් මම බය නෑ" කියලා මම වෙරළු ගෙඩිය කටේ දා ගත්ත.
චන්ඩියගේ පස්සේ හිටිය සමහර නරි කොල්ලෝ (මගේ යාළුවො) කිවුවේ "වෙරළු ගෙඩිය දුන්නනම් ඉවරයි... දැන් කොහොමද ගෙදර යන්නේ"

ඔබම තාත්තයි , කැමරන්, හාර්පර් සහ අනිත් බාප්පලා සෙට් එකයි සෙට් වෙලා අපි මෙහෙන් පන්නපු හොටි කොල්ලන් හින්ද ගල්කුරෙන් ඇන්නොත් ඒක  බලා ගන්න අපි බය නැතිව අපේ වෙරළු අපි තියා ගන්න ඕනේ.
 දැන්නම් ඩබල් නෙමෙයි, බිග් බෑන්ග් සයිස් එකට එන්නේ.

දැම්ම TV එක. රැලියේ අන්තිම ටික. වැදගත් කතා තුනම මිස් නොකර අහ ගත්තා. දැන්නම් ටිකක් හිතට හොඳායි.

Have to go to sleep... Let's see what tomorrow brings.






2 comments:

  1. සිංහලෙන්ම දාන්න හිතුවා පොඩි කමෙන්ටුවක්.හොඳ බ්ලොග් එකක්.තව ටිකක් රස කරන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ..මම හරිද දන්නෙ නෑ. හිතෙන දේ කිව්වෙ...

    ReplyDelete
  2. කියෙව්වටත්, තියාපු සටහනටත්, දුන්න සපෝට් එකටත් ගොඩාක් තුති.

    ReplyDelete