Wednesday, June 4, 2014

Afraid to Die? - මැරෙන්න බයද?

Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)


 3rd June 2014

Afraid to Die? - මැරෙන්න බයද?
නෑ කියලද කිවුවේ? එහෙනම් කමක් නෑ. මේක නොකියෙව්වත් කමක් නෑ.
මැරෙන්න බය නම් අනිවාර්යයෙන්ම මේක කියවන්න.
1. බය වුනත් නොවුනත් ඔබ මැරෙනවා. ඔබ පමණක් නෙමෙයි. මමත් මැරෙනවා.
2. දරුවෙක් සම්බන්දයෙන් කුඩා කාලයේදී, "මේ ළමයා කවදාහරි ලොකු පෝසතෙක් වෙනවා" කියලා අනාවැකියක් කිවුවොත් ඒක හරි යන්නත් ඉඩ තියෙනවා. වරදින්නත් ඉඩ තියෙනවා. අනික් අනාවැකිත් ඒ වගේ තමා. නමුත් මට පුළුවන් හරියටම හරි යන එක  අනාවැකියක් කියන්න. "මේ ළමයා නොවැරදීම මැරෙනවා" හරිද?
3. ඕන කෙනෙකුට කියන්න, කවදාවත් බොරු නොවෙන අනාවැකියක්. අත් දුටුවයි.. සත්තයි. එක සැරයක් නොවෙයි. අනන්ත වතාවක් හරි ගිය, එක වතාවක්වත් නොවැරදුන කතාවක් මේක. ඒ කියන්නේ මෙම ප්‍රකාශයේ සම්භාවිතාවය හරියටම එකයි. ආසන්න වසයෙන් නොවෙයි. හරියටම එකයි.
4. සැකයක් හිතන්න එපා. හරි ගිය අවස්ථාවල් කීපයක් නිකම් කියන්නම්. ජීවත් වෙන කාලේදී තමන් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන, ලක්ෂ දසලක්ෂ ගණන් වෙන  මිනිස්සුන්ව මරාපු, ඇලෙක්සැන්ඩර්, නැපෝලියන්, ගෙන්ජිෂ් ඛාන්, හිට්ලර්, බිලුපගිරන්, පොල්පොට්  වගේ මහා බලගතු පාලකයෝත් මලා.
5. මිලියන ගණන් මිනිස් "ජීවිත බේර ගන්න" ශ්‍රේෂ්ට සොයා ගැනීම් කරපු ෆ්ලෙමින්, ලුවී පාස්චර් වගේ විද්‍යාඥ වරු ඔක්කොම මලා. ඒ ගොල්ල හොයා ගත්ත බේත්, එන්නත් වලින් ජීවිත බේරා ගත්ත අය ඔක්කොමත් පස්සේ මලා.
6. මිනිස්සුන්ට සදාකාලික ජීවනය ලබා දෙන්ඩ පොරොන්දු වුන ආගමික නායකයෝ, පුජකවරු, ඒ අයත් මලා.
7. මේක මිනිස්සුන්ට විතරක් නොවෙයි,   සියලුම සතුන්ට සාධාරණයි. නිකම් හිතන්න. සත්තු කොපමණක් මරෙනවාද දවසකට.

8. ලෝකය බිහිවුන දවසේ සිට උපන් අය හැමෝම මලා. මේ ලඟදී උපන් අපි ටික දෙනෙක් ඉතුරුයි. අපිත් ඉතින් තව ටික දවසකින් මැරෙනවා. ෂුවර්.
හැමෝම මැරෙනවානම් අපිත් මැරෙනවා. උපන් හැමෝම මැරෙනවා. එහෙනම් බය උනත් එකයි. නැතත් එකයි. මැරෙනවා මැරෙනවාමයි. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ, මරණයේ.

No comments:

Post a Comment