Saturday, May 3, 2014

Garland of slippers as ...Favorite leader ...Hitler and Mussolini born in Srilanka...

Garland of slippers as ...Favorite leader ...Hitler and Mussolini born in Srilanka... Five foreign Universities launched...US hypocrisy on Ukraine and....

Warning!!! This Blog is strictly for mature adults. Not even for students over 18, unless they have passed their childhood. The contents can be misleading and/or incomprehensible for them.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.

3rd May

Dhamma Desana
Garland of slippers as ...
Five foreign Universities launched
Favorite leader ...
Hitler and Mussolini born in Srilanka
US hypocrisy on Ukraine and....



අද දවස පටන් ගත්තේ පැය දෙකක් බන අහලා.

පළමු වෙනි බන පින් පවු පල දෙන හැටි ගැඹුරු ලෙස  විග්‍රහ කළා.

මම ආසම කල ටික අහ ගන්න.
අලුතෙන්  පින් කරන කොට, ඒවායින් හතෙන් එකක් මේ ආත්මෙදිම පල දෙනවාලු.
වැඩි වැඩිය පින් කරනවානම් මේ ආත්මේ කරලා තියෙන පවු විතරක් නෙමෙයි පූරුවේ කල පවු උනත් පල දෙන්න චාන්ස් මිස් වෙලා එක්ස්පයර් වෙන්න පුළුවන්. අමාරු වුනත් අදම පටන් ගන්නවා.පුළුවන්. හැබැයි ඉතින් වීදුරුවක අඩිය යන්තම් වැහෙන්න මොනවා හරි ජාතියක් දාල තියෙනකොට ඒ ටිකේ තියෙන ජරා ගතිය නොදැනෙන්නනම් සෑහෙන තරම් පිරෙන්න වතුර දන්නා ඕනෑ. පවු ටිකක තිත්ත යන්න වතුර ගොඩක් දාන්න වෙයි.
(PDD) අලුතින් ජරා වැඩ නොකර බිංදුව බිංදුව හරි අහු වෙන වෙලාවට පින්  කලොත් කරුම පල දෙන එක ටිකක් හරි කල් දමා ගන්න  නැත්නම්  කැන්සල් කර ගන්න හරි පුළුවන්. අමාරු වුනත් අදම පටන් ගන්නවා.
මේ වෙලාවට තමා මගේ සුමිතුරු Amda   ගේ ගුරු හරු කම් වල වටිනාකම් තේරෙන්නේ.
Amada ගැන කතන්දරේ කියන්න ගියොත් බන අහලත් පිස්සු ඩබල් වෙයි. හෙට බලමු.
ඊ ළඟ බන අනේපිඩු සිටුතුමාගේ කටන්දරේ. ගොඩාක් සැරයක් අහලා තියෙන නිසා  අලුත් නැති වුනත් රිවිසන් වෙන්නත් එක්ක අහන් හිටියා.

(PDD)ගත්තා පත්තර ටිකක් ලඟට.. first scan  එක. සපත්තු වෙනුවට සෙරෙප්පු දමාගෙන ළමයෙක් ඉස්කෝලෙ ඇවිත්. ටීචර් සෙරෙප්පු දෙකෙන් මාලයක් හදලා ළමයාට දාල. කතන්දරේ කියවන කොට උදෙන්ම Pissu Double.


Amda ගෙන් උගත් තර්ක විතර්ක දාලා පටස් ගාලා ගත්තා විසඳුම.
ටීචර් වහාම ළමයාව ඇස් දොස්තරට පෙන්නන්න තිබුනා.

ඒක කරන්න විදියක්ම නැත්නම් සිලි සිලි බැග් එකක් හොයල සෙරෙප්පු දෙක එකට දාලා තියලා ඉස්කෝලේ අරින වෙලාවට දෙන්න තිබුනා.

පොඩි ලියුම් කෑල්ලක් අම්මාට යැවුවානම් තවත් හොඳයි ළමයාගේ ඇස නොපෙනීම පිළිබඳව වහාම පියවර ගන්න අතර  පෙනීම ලැබෙන තුරු අම්මාම සපත්තු දමා එවන ලෙස.

වෙනස් විදියටනේ වෙලා තියෙන්නේ. ඒ නිසා second level එකට යන්න වෙලා.
මුල් ගුරු තුමා කියනවාලු විනය හදන්න සෙරෙප්පු මාල දාන්න ඕනෙ කියල  ඉතින් ඔන්න අයෙත් පිස්සු ඩබල් Pissu Double.
එතකොට ඇස් අමාරුවට මොනවාද හොඳ?
මුල්ගුරු තුමා බරපතල ප්‍රශ්න දෙකකට උත්තර බඳින්න ඕනේ. එකක් නම් ගුරුවරුන් හට ප්‍රතමාධර පිලිබඳ දැනුවත් නොකිරීම. දෙවෙනි එක මල් මාල සෑදීම පිලිබඳ අවශ්‍ය පුහුණුවකට ටීචෙර්ව නොයැවීම. එහෙම කලානම් ටීචර් ට වැටහීමක් ලැබෙනවා සෙරෙප්පු වනාහි මාල සැදීමට නුසුදුසු අමුද්‍රව්‍යයක් බව.
මම ඉස්ටෝරිය ෆලෝ කෙරුවා.
කිරිමෙල් එකක්කත් වෙලා නැතිව අම්ම පොලිසියට දුවලා. එතුමා ළමයාට සපත්තු දෙකක් අරන් දීලා. අන්න දෙවිවරු. (අම්මපා ළමයා OIC තුමාට වඳින ෆොටෝ එකත් එක්කමයි තිබුනේ.) කෙලෙහිගුණ සැලකීම, පිදිය යුත්තන් පිදීම ඉතා හොඳ ගුණ.
ගුරු සංගමේ ලොක්කත් සිද්දිය හෙලා දැකලා. ඒකත් ඉතා හොඳ ප්‍රවනතාවයක්.



(PDD) ඊ ළඟ එකත් පාසල් පද්දතියෙන්. පත්‍ර මිත්‍ර interview  කරනවා ලොකු ඉස්කෝලෙක HP ව.

ප.මි.: එතකොට ඔබේ සිත් ගත් නායකයා?
පට් ගාල  උත්තරේ
H.P.:  හිට්ලර්
පිස්සු ඩබල්. (PDD)  HP ...කමත් දුන්නා .. තව දෙන්ඩ දෙයක් නෑ
පුලුවන්නම් හොයා ගන්න පුතා Role Model එකට, LOCAL නායකයෙක් (බිරුපාගිලන්) වගේ.
ට්‍රයි එකක් දුන්නොත් බැරි වෙන එකක් නෑ ඒ පාරෙන්ම යන්න.
ඒ කාලේ නිවුන් පුතාල ඉපදුනාම හිට්ලර්ගෙ මුසෝලිනී ගේ නම් දාන එක ඒ රටවල් වල අය කළා.
ලංකාවෙත් ඇඩොල්ෆ් සහ බෙනිටෝ කියලා නිවුන්නු දෙන්නෙක් හිටියා. "පලයන් බස් එක පතහට" කියන පළාතේ. ඒ නම් දෙක දාල තියෙන්නේ අවුරුදු 70 ට විතර ඉස්සර. ඒත් ඒ තාත්තට නම් වලංගු හේතු තියෙන්න ඇති. 


(PDD) අලුතෙන් විදේශ විශ්වවිද්‍යාල පහක් අරිනවාලු. පිස්සු ඩබල් වෙන්නේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ටික පාරට බහින දාට.
මං කියන්නන් වැඩේ. පුතාලට බස් එක මිස් වෙලා. ඒ නිසා ඊ ළඟ බස් එකට ට්‍රයි එකක් දෙන්න. අවුරුදු විස්ස විසිපහකින් ඊළඟ එක එනවා. පුතාලා දූ ලාව ඒකට නග්ගන්න. එතකන් ඕම් ශාන්ති  ඕම්.
ඕනෑමනම් පාරට බැහැලා ඉල්ලා හිටින්න ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව ගානකුයි කොම්පැනියෙන් ශිෂ්‍යත්ව ගානකුයිගිවිසුම් වලට දාන්න කියල. ඔයාලගේ පුතාලට ලක්ෂරි බස් වල සීට් තියෙයි එතකොට නම්.
 (PDD) ඇමෙරිකන් කාරයෝ යුක්රේනයේ ගෙනියන කුහක ප්‍රතිපත්ති ගැන ලිපි දෙකක්ම. දෙකම බටහිර පැත්තෙන්. එකක් ජොනතන් පවර්ගේ, අනික මයිකල් රට්නර් ගේ සාකච්චාවක් (therealnews.com) පෙන්නා දෙන්නේ ඇමෙරිකාව මානුෂික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ වචන වලින් වහගන්ඩ හදන හෙළුව අධිරාජ්‍යවාදී, බලකාමී අවශ්‍යතා මිස වෙන මොකුත් නොවෙයි කියන එක.

Ukraine update: බරක් ඔබාමාගෙන්ම අහ ගන්න එකයි ඇත්තේ.







No comments:

Post a Comment