Sunday, May 18, 2014

Wesak Over! Now let us practise Buddhism

Wesak Over! Now let us practice Buddhism - 1

Vesak Over! වෙසක් ඉවරයි! දැන් පිළිපදිමු

Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 
 
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ) 


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


18th may 2014

Vesak Over! වෙසක් ඉවරයි! දැන් පිළිපදිමු - 1

වෙසක් දිනය.
 වෙසක් දිනය ලංකාවට හෝ බෞද්ධයන්ට විතරක් සීමා උන, අයිති උන දිනයක් නොවෙයි. මිනිසුන්ට පමණකුත් නොවෙයි. දෙවියන්ටත් බ්‍රහ්මයින්ටත් වෙසක් උතුම් .

බුදු වරයෙක් ලොවට පහල වෙන එක ඉතා දුර්ලභ දෙයක්. සමහර වෙලාවට කල්ප ගණනකට එක බුදු වරයෙක් වත් උපදින්නේ නැතිලු (ශුන්‍ය කල්ප). කල්ප ගණන් ගැන පස්සේ දවසක කතා කරමු.

සමහරුනම් බුද්ධාගමේ අයිතිකාරයෝ ගැන හොයනවා. සමහර ත්‍රී වීල් වල, ලොරි වල, බස් වල පස්සා පැත්තේ "මේ බුදුන්ගේ දේශයයි" කියලා ලියා තිබෙනවා මා දැකලා තියෙනවා. මොන බොරුද? තමන්ට අයිති වෙන්න තිබුන කපිලවස්තුව හා ශාක්‍ය දේශයත් (දැන් නේපාලය) ඇත ඇරලා ගිහි ගෙයින් නික්මුණු සිදුහත් කුමාරයා ඊට පස්සේ රටවල් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ, බුදු වෙලා අනන්ත ප්‍රමාණයක් දෙවි මිනිසුන්ට නිවන් මග පෙන්නුවා මිසක්.

වෙසක් වලට ලිවුව පෝස්ට් තුනක්ම මකලා දැම්මා. අඩුපාඩු ගැනම ලියපුවාම නිකම් උඩ බලන් කෙල ගහනවා වගේ මට හිතුනා.

වෙනම tone එකකින් ඒවම ලියමු ඉතින්.

සංසාරය වගේම දිග පළල මාතෘකාවක් ගැන කතා කරන කොට පුංචි කොනක් අල්ලාගෙන ටිකක් ලියන එක හොඳයිනේ.

මම කියන්න හදන්නේ වෙසක් දවස් වලට කරන වැඩ
ගැන. වෙසක් ක්‍රියාකාරකම්. පුළුල් ලෙස බලනකොට හුඟක් වෙසක් වැඩ පිළිවෙලවල් ආගමික කටයුත්තකට වඩා සංස්කෘතික කටයුත්තක්. ඒකයි මම හෙඩිමට දැම්මේ "වෙසක් ඉවරයි දැන් පිළිපදිමු කියලා".

වෙසක් ඉවරයි කිවුවේ වෙසක් තොරන්, කූඩු, බැති ගී, වෙසක් නාට්‍ය, වෙසක් සංගීත, ඔලුබක්කෝ ආදියට තමයි. පිළිපදිමු කිවුවේ දාන, ශීල, භාවනා වලට. ආමිෂ පූජා මීට අමතරයි.
දානය

සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන, මෙන්ම දන්සැල්, දුප්පතුන්ට, රෝගීන්ට, සතුන් හට දෙනු ලබන ආහාර හා අනෙකුත් පාරිභෝඝික ද්‍රව්‍ය ලබා දීම දානයට ඇතුලත් වෙයි.

දම් දෙසීම හා ධර්මදේශනා ඇසීමට සැලැස්වීම මේ සියල්ලටම වඩා උතුම් ධර්ම දාන නම් දානමය පිංකමය.

දන් දීම බෞද්ධයන් විසින් පමණක් කරනු ලබන පින් කමක් නොවේ.  හින්දු, කතෝලික, මුස්ලිම් හා වෙනත් ආගම් වලට අයත් බැතිමත්හුද විදෙස් රටවල ඉන්නා බුද්ධාගම ගැන කිසිවක් නොදන්නා බොහෝ අයද දන් දෙති. ස්වභාව ධර්මයට අනුව එවන් අයටද එම දානමය පින් වලට සුදුසු පලවිපාක බෞද්ධයන්ගේ දාන පිංකම් වලට ලැබෙන ආකාරයටම ලැබෙනු ඇත. (දෙව් මිනිස් සැප)

බෞද්ධ දානය අනික් දාන වලින් වෙනස් වෙන්නෙ කොහොමද? අනික් ආගම් වල නැති බුද්ධාගමේ තියෙන දේ නිවන නේ.  නිවන අරමුණු කරගෙන දෙන දානය අනික් ආගම් වල නෑ. ඒත් සමහර විට අන්‍යාගමිකයෙකුට වුනත්, තමාගේ සිතේ ඒ වෙලාවට ඇති වෙන සිතිවිල්ල අනුව දානයේ පලවිපාක නිවන් මගට උපකාරයක් වෙන්නත් පුළුවන්.

නිවන් අරමුණු කරගෙන දෙන දානය කෙලෙස් අඩුකර ගැනීමටත් කෙලෙස් නැති කරගැනීමටත් යෙදිය යුතුයි. සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන හා ධර්ම දාන වලින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට හැකි බැවින් ඒවා බෞද්ධ දානයන් කර ගැනීමට පුළුවන.

බුදු රජාණන් වහන්සේ විසින් සංසාර දුකින් මිදෙන ආකාරය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන ලෝක සත්වයා හට එම මාර්ගය පෙන්වා දුන් බවත්, ධර්මයෙහි අඩංගු වන්නේ එම නිවන් මග බවත් සංඝයා වහන්සේලා එම මාර්ගය අපට වටහා දෙන බවත් පැහැදිලිව අවබෝධ කර ගැනීමටත් එසේ අවබෝධවනතුරුම ඒ ගැන සැක නොකර ධනාත්මක ලෙස විමසා  අවබෝධ කර ගැනීමටත් ශ්‍රද්ධාව උපකාර වේ. මෙසේ සාංඝීක දාන, භික්ෂු, භික්ෂුනීන් හට දෙනුලබන දාන, සිල්වතුන්ට දෙනුලබන දාන හා ධර්ම දාන වලින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට හැකි බැවින්ද නිවන් මගට යොමු වන බැවින්ද ඒවා බෞද්ධ දානයන් කර ගැනීමට පුළුවන.

දානයක් දීමේදී දාන වස්තුව කෙරෙහි ඇති ආශාව අත්හැරීමෙන්  අලෝභ චේතනා පහල වේ. ලෝභය  හීන වේ. එම වස්තුව කෙරෙහි ඇති ලෝභය නැති කර ගැනීමට හැකිය. ලෝභය නැවත ඇති නොවන ලෙස තම සිත තුලින් නැති කිරීම නිවනයි. එනිසා දාන වස්තුව කෙරෙහි ලෝභය, ආශාව සම්පුර්ණයෙන්ම නැති කරමින් යමක්  දීම නිවන් මගට එක පියවරක් වන අතර එය උතුම්ම බෞද්ධ දානයක් වෙයි. මෙහිදී දානවස්තුවෙහි වටිනාකම හෝ දානය ලබන්නාගේ තත්වය අදාළ නොවේ. යම් හෙයකින් අදාළ වනුයේ නම් ඒ අලෝභ චේතනාව ඇතිකර ගැනීමට එය බලපානවානම් පමණෙකි.

දුප්පතෙකුට, අසරනයෙකුට, ගිලන් අයෙකුට යමක් දීමේදී කරුණාව හා මෛත්‍රීය ඇති වන බැවින් ඒවා අදෝස නම් පුණ්‍ය චේතනාය. ද්වේශයට අදාල කෙලෙස් නැති වන බැවින් මෙවැනි දාන වලින්ද නිවන් අරමුණු කර ගැනීමට හැකිවෙයි.

පල විපාක ගැන දැනගෙන කිසිවෙකුගේ බල කිරීමකින් තොරව යමෙක් දානයක් දෙන විට ජනිත වන කුසල චිත්තයන් ත්‍රිහේතුක කාමාවචර කුසලයෝ වෙති. නිවනට අරමුණු වීමට අමතරව මිනිස් ලොව හා දෙව් ලොව ඉපදීමටත්, බොහෝ භෞතික සැප සම්පත් ලැබීමටත් මෙම කුසලයෝ හේතු වෙති.

දානය දැනුවත්ව කරන්න

මෙවැනි බෞද්ධ දානයක් දීමෙන් ලබාගත හැකි අපරිමිත ආනිසංශ නැති කරගෙන සසර දික් කර ගෙන දන් දෙන අයත් එමටයි. ඒ මදිවාට සමහරු දන් දීලා පවුත් රැස් කර ගන්නවා.

ඒ මෙහෙමයි. දානයේ ආනිසංශ ලෙස මතු ලැබෙන දෙව් මිනිස් සැප සම්පත් පමණක් ඉලක්ක කරගෙන ඒවා ප්‍රාර්ථනා  කරගෙන දන් දීමෙන් කෙලෙස් වැඩෙන අතර සසර දික් වෙනවා. සසර දුක තමා ලැබෙන පලය. දානයේ ප්‍රමාණය හා සිතෙහි ඇති වෙන කෑදර චේතනාවේ තියුනු බව උඩ සංසාර දුක තව වැඩියි.

එමෙන්ම අනෙකෙක්  පැරදවීමට දන් දීම ද්වේශකාරී හැඟීම් ඇති කරනවා. මේවාත් දරුණු පලවිපාක දෙන දෝසමුල අකුසලයෝ. තරඟයට දන් දෙන්න යන්න එපා.

වෙන අයත් උදවු කරගෙන, දායක කරගෙන දන් දෙන එකත් හුඟක් පින් සිදු වෙන වැඩක්. ඒත් එම දානයෙන් ලාභයක්, නම්බුවක්, කීර්තියක් බලාපොරොත්තු වෙනවානම් දානය මෙන්ම තමන්ගේ පිනත් කැත වෙන බව මතකයේ තියා ගන්න ඕනෑ.

සමහරු දානයක් දී එයින් පසුව එය ලැබූ තැනැත්තා  දාන වස්තුවට කරන දේ ගැන සොයා බලන්නට පෙළඹෙති. මෙයද  දානයෙන්ලැබෙන පින කැත වෙන තවත් ක්‍රමයකි.

ආශාව (ලෝභය) අත හැර අලෝභ සිතින් සුළු දෙයක් හෝ දෙන එක නිතිපතා පුරුද්දක් ලෙස  කරන්න වෙසක් සමයේ හිතට ගත්තොත්, අන්න වෙසක් එකේදී නිවන් මගේ  තවත් පියවරක් තිබ්බ වෙනවා. කරුණා, මෛත්‍රීය යෙදෙන විට එයත් මෙනෙහි කරගෙනම දෙන එකෙන් පින් වැඩි වෙයි.

ලබන වෙසක් එකට දෙන දානය, දන්සැල මේ කිවුව විදියට කලොත් නිවනත් ලඟයි. දෙව් මිනිස් සැපත් ප්‍රාර්ථනා නොකලත් ලැබෙනවාමයි.



Saturday, May 17, 2014

Epilogue to Slipper Story...

Epilogue to Slipper Story...සෙරප්පු කතාවේ ඉතුරු කොටස 

Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 
 
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


17th may 2014

Epilogue to Slipper Story...    සෙරප්පු කතාවේ ඉතුරු කොටස 



සෙරප්පු කතාවේ ඉතුරු කොටස

සෙරෙප්පු මාලයේ කතාව පත්තරෙන් දැකලා ඒකට මම විහිළු කෑල්ලක් ලිවුවා කලින්.

http://pissudoublelanka.blogspot.com/2014/05/warning-this-blog-is-strictly-for_3.html
ඒක ලිව්වේ එක වාර්තාවක් දැකලා. පස්සේ මේ කතාවට ලොකු අවධානයක් යොමු වුනා. ගොඩක් විස්තර හුඟක් පුවත්පත් වල පළවුනා. ඒ විතරක් නෙමෙයි. හුඟක් අදහස් පළකිරීම් එහෙමත් තිබුනා. එක පත්තරේකින් ඇත්ත කතාව හොයන්න ඒ ප්‍රදේශයට ගිහින් තවත් දැනුවත් කිරීමක් කරලා තිබුනා. මම මේ විස්තර වලින් මට හම්බ වුන හැම එකක්ම කියෙවුවා.
 මුල ඉඳලා අගට කියවන කොට මේක හද කකියවන කතාවක්. විහිළු කරන කතාවක් නොවෙයි. ඒ නිසාම මේක ගැන විස්තරයක් ලියන්න හිතුවා (As an apology).
ඉස්සෙල්ල පසුබිම විස්තර කරමු.
පාසල
මේ ඉස්කෝලේ තියෙන්නේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සේරුනුවර පැත්තේ. කාවන්තිස්සපුරයේ
ළමයි 35 යි ගුරුවරු 6 යි.
ගුරුතුමිය
මේ ප්‍රදේශයේම ඉපදී හැදී වැඩී දුෂ්කර ජීවිතයට මුහුණ දෙමින් පාසල් ගොස්, කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් ව උපාධියක් ලබාගෙන තමා  උපන් පෙදෙසට සේවය කිරීමට කැපවුන තරුණ ගුරුතුමියක්. (දිරිය තරුනියක්)
සිසු දැරිය
5 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. පියා කලකට පෙර මියගොස් (සියදිවි නසාගෙන). සහෝදරයන් 2යි. සහෝදරියයි. ලොකු අයියා කොළඹ ප්‍රදේශයේ සුළු රැකියාවක. අනෙක් අයිය AL  කරනවා. අක්ක OL කරනවා. අම්මා සේරුවිල පන්සල ළඟ තල්  හකුරු විකුණා උපයන මුදල එකම ආදායම් මාර්ගය.
ටකරන් හා ඉටිකොළ වලින් සැදුනු අඩි 10 ක නිවසේ මේ හතර දෙනා ජීවත් වෙන්නේ.
මේ අයගේ ගම සුමේධංකරපුර. ගුරුතුමියත් මේ ගමෙමයි. පාසලට කිලෝ මීටර් 6ක් පයින් යන්න තියෙනවා. සමහරදාට ගුරුතුමිය ඇගේ බයික් එකෙත් අරන් යනවා.

සුමේධංකරපුර
මේ ගමේ අය පහුගිය කාලයේදී (යුද්ධ කාලේ) කිහිප වතාවක්ම ගම අතහැර ගිහින් යුද්ධය ඉවර වුනාට පස්සේ නැවත පදිංචියට ඇවිත්. දැනට පවුල් 160ක් පමණ ආපසු ආවත් කිසිම ආකාරයක පහසුකමක් නෑ.
මේ සිසු දැරියත් ඇගේ මවත් කියන්නේ "ටීචර් හොඳයි" කියලා. විදුහල්පති තුමිය කියන්නෙත් "ටීචර් දරුවන් වෙනුවෙන් කැපවුන දක්ෂ කෙනෙක්" කියලා.
ඉතින් දැන් අපි අහමු ටීචර්ගේ, විදුහල්පති හා උප විදුහල්පතිට කියන්න තියෙන කතාව.
විදුහල්පති තුමිය එදා නිවාඩුලු. ඇය දැනගන්න විට සිද්ධිය දුරදිග ගිහින්ලු. ඇය කියන්නේ මේ ගුරුතුමිය ඉතා දක්ෂයි, ආර්ථික විද්‍යා උපාධිධාරිනියක්. ගුරු මංඩලයත්, දෙමාපියනුත්, එකතු වෙලා පාසල දියුණු කර ගන්න ඕනෑ. දරුවා අසරණ කරන්නත් බෑ.
උප විදුහල්පති තුමියගේ අදහස. "දිවයින" පත්තරේ තිබුන විදියටම.
"මේ ප්‍රදේශ වල ගුරුවරු ඉන්නේ නෑ. ගුරුවරු ඉන්නේ ටික දෙනයි. අපිටත් ඕනෑ මේ ප්‍රදේශයේ අධ්‍යාපානය දියුණු කරලා අපේ ප්‍රදේශ වල උගත්තු වැඩි කරන්නයි."
"පාසලේ දක්ෂ ගුරුවරියකට මෙසේ මාධ්‍ය වලින් පහර දෙන්නේ ඇයි? දන්නැති දේවල් දන්නවා වාගේ ලිවීමෙන් මොන තරම් විනාශයක් සිද්ධ වෙනවාද?"
ගුරුතුමිය කියන කථාව කෙටියෙන්.
පාසලේ විනය භාරව ඉන්නේමේ ගුරුතුමියයි. ඇය දරුවන්ගේ පිරිසිදුකම, සනීපාරක්ෂාව ආදිය ගැන නිතර සොයා බලා තියෙනවා. සපත්තු දැමීම ගැනත් බලලා තියෙනවා. මීට පෙර දිනක  දරුවන්ට අනිවාර්යයෙන්ම සපත්තු දමාගෙන  එන්න කියලා තියෙනවා. එදා සපත්තු නොදමා පැමිණි ළමුන් තිදෙනෙකුට සුළු දඬුවමක් ලෙස මේ කියන දඬුවම දීලා තියෙන්නේ.
සපත්තු ගෙවල් වල තියෙද්දිත් දමා නොගෙන ඉන්න ළමයිත් ඉන්න නිසා මේ දඬුවම දීලා තියෙන්නේ. "මේ දරුවාටත් සපත්තු දෙකක් තියෙනවා. ඒක ගෙවිලා නෑ, මැහුම් ගැලවිලා තිබුනේ. මහගෙන දාන්න කියලා සඳුදා කිව්වා . සිකුරාදා වෙනතුරු එය කර තිබුනේ නෑ. ඒ නිසයි මම දඬුවම් කලේ."
දරුවා සෙරෙප්පු කරේ දමාගෙන ඉන්නවා දැක්කාම අම්මාට දැනුන ආවේගශීලී දුක මේ සිද්ධිය මෙතරම් දුර ගෙන ගියත් ඇයගේ සිතෙත් ගුරුතුමිය ගැන තරහක් නැති බව වාර්තා වලින් පෙනෙනවා.
දැන් ගුරුතුමිය වෙනත් පාසලකට මාරු කරලා.
ඕක තමයි කතාව කෙටියෙන්.
මට නම් කියන්න තියෙන්නේ පොලිසියේ OIC මහත්තයානම් වැරදි කාරයා අල්ලලා එවෙලම ඔහුට පුලුවන් විදියට කාර්ය මණ්ඩලයේ අනික් අයත් එක්ක නියමම දඬුවම දීලා.
අපිටත් තියෙන්නේ ඔය සිද්දියේ වෙන වැරදි කාරයෝ හොයන්නේ නැතිව ඔච්චර පැහැදිලිව ඔප්පු වෙලා තියෙන වැරදි කාරයට නිසි දඬුවම් දෙන්න උදවු වෙන එකයි. නැතුව මේක රස කතාවක් කර ගන්න හොඳ නෑ.
වැරදි කාරයාගේ තරම හරියටම දැනගන්න පුළුවන් "දිවයින" පත්තරේ  තිබුන "ගෙවිලා නැති, මැහුම් ගැලවිලා විතරක් තියෙන" සපත්තු දෙකේ පින්තුරය දැක්කානම්. 
මේක මෙතන විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි නේද?

මුළු ජීවිතයම දුක් ගොඩක පැටලිලා කොහොම හරි එයින් ගොඩට එන්න දඟලන අපේම සහෝදර ජනතාවකගේ පුංචි ප්‍රශ්නයක් ගැන අපි උනන්දුනම් මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරලා, දෙවියෙක් වගේ OIC මහත්තයාව ආදර්ශයට අරගෙන ඒ වගේ ධනාත්මක ආකල්ප ඇති කරගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ.
දකුණු පළාතේ පාසලෙකත් ත්‍යාග ප්‍රදානෝත්සවයක තෑගි ගන්න හිටිය ළමයෙකුට උත්සවයට දාන්න සපත්තු තිබිලා නෑ.
පෙරහුරුවේදී මේක දැක්ක ගුරුවරයෙක් ඒ ලමයාට සපත්තු දෙකක් අරන් දීලා. හැම තැනදීම මේ වැඩේ කරන්න බෑ
අද දරුවන්ගේ දෙමාපියන්ට විතරක් නොවෙයි, ගුරුවරුන්ටත් හුඟක් ආර්ථික ප්‍රශ්න තියෙන බව අලුතෙන් කියන්න ඕනැ නෑනේ.
අපේ අර ටීචර්ටත් අත මිට සරුවට තිබුනානම් ඒ දරුවට එයාගෙන් සපත්තු ජෝඩුවක් තෑගි ලැබෙන්න ඉඩ තිබුනා කියලත් මට හිතෙනවා.

ඉතින් කව්ද වැරදිකාරයා? දුප්පත්කම තමා. වෙන කවුද?
(රටේ, ප්‍රදේශයේ, පාසලේ, ගමේ, දරුවාගේ පවුලේ) මේ වැරදිකාරයාගේ මිසක් අනික් කාගේවත් වැරදි හොයන්න යන එක තේරුමක් නැති වැඩක්.


Thursday, May 15, 2014

Are all head prefects Hitler fans?


HP ලා ඔක්කොම හිට්ලර් fan ලද? Are all head prefects Hitler fans?
Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ) 


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


14ත් th may 2014

HP ලා ඔක්කොම හිට්ලර් fan ලද? Are all Head Prefects Hitler fans?
(PDD)
අතට අහු උනේ පරණ පත්තරයක්. පුරුදු පරිදි මුල  සිටම කියවන්න ගත්තා. මෙන්න බොලේ තවත් HP කෙනෙක් දීලා interview එකක්. එයාගෙත් ආසම නායකයා හිට්ලර්ලු. පිස්සු ඩබල්. ඔක්කොම ශිෂ්‍ය නායකයෝ හිට්ලර්ටද කැමති? HP ල සහ HP  නොවන පාසල් සිශ්‍යයන්ගේ ව්තරක් නෙමෙයි අනෙක් තරුණ කොටස් වල වුනත් වීරයෙක් (Role model එකක්) විදියට හිට්ලර් නැගී සිටීම එතරම් හොඳ ප්‍රවනතාවයක් කියලා මම හිතන්නේ නෑ.
මේ දරුවෝ තමන්ගේ වීරයා හිට්ලර් කියල කියන්නේ හිට්ලර් ගැන අබමල් රේණුවකවත් දැනීමක් ඇතිව කියල මම විශ්වාස කරන්නේ නෑ. (ලෝකයේ ජනගහනයෙන් විශාල කොටසක් තුල , ජර්මන් කාරයොත් ඇතුලත්ව, හිට්ලර් ගැන තියෙන්නේ ලොකුම ලොකු පිළිකුලක්.)

 හිට්ලර්ගේ කෘර යුදෙව් සංහාරය පසුබිම් කරගෙන හැදු TV Series එකක් (Holocaust) පෙන්නපු දවස් වල  ජර්මන් කාරයෝ පාරේ තොටේ ගියෙත් ලජ්ජාවෙන් බිම බලාගෙන. හුඟක් අය රටේ මොනවද උනේ කියලා දැනගෙනවත් ඉඳලා නෑ.
ජර්මනිය ඇතුලේ අදටත් (යුද්දේ ඉවර වෙලා අවුරුදු 70ක් විතර ඇති) හිට්ලර් ගැන කතා කරන්නවත්, හිට්ලර්ගේ ලාංචනය වන ස්වස්තිකය ප්‍රදර්ශනය කරන්නවත් තහනම්.

අපේ දරුවන්ගේ නොදැනුවත් කමට ප්‍රධානම වගකිවයුත්තෝ
1.  දෙමවුපියෝ
2.  ගුරුවරු
3.  මාධ්‍ය
4.  පාසල් විෂය නිර්දේශ
5.  අධ්‍යාපන රටාව
කියලා මට හිතෙනවා.
කියවීම දරුවන්ට එපා වුන යුගයක, පල් වෙච්ච පට්ට කුණුහරුප, කලාව, සංගීතය, ටෙලි නාට්‍ය කියලා TV කාලය පුරවන යුගයක ළමයෙකුට ඇහෙන ලස්සන නමක් ඒ තමා මගේ වීරයා කියලා කිවුවාම මොනවා කරන්නද?
ඒ වුනාට අද කාලේ උසස් පාසලක ඉහලම පන්තියේ ඉගෙන ගන්න,  අවුරුදු 18ක් 19ක් විතර වයස ළමයෙක්, පාසලේ වැඩිම වගකීමක් දරන සිශ්‍යයා, ජාතික පුවත්පතකට තමන්ගේ වීරයා හිට්ලර් කියල ප්‍රකාශ කරන කොට පොඩ්ඩක් හිට්ලර් කියන්නේ කවුද කියලා හොයා බලලා ඉන්න ඕනෑ.
හිට්ලර් ගැන තොරතුරු හොයා ගන්න එක මහා අමාරු වැඩක් නෙමෙයිනේ. සමහර වෙනත් ලෝක නායකයෝ ගැන වගේ වෙනස් වෙනස් මත නෑ හිට්ලර් ගැන. හිට්ලර් ගැන මුළු ලෝකෙම ඒකමතික තීන්දුවක් දීලා තියෙන්නේ.
Hitler කියල Google search එකක් දැම්මොත් වෙබ් පිටු මිලියන 28.6 ක් තියෙනවා. ඔක්කොම නැතත් wikipedia එකේ තියෙන ටික විතරක් කියවන්න.
හිට්ලර් ගැන හිට්ලර් පටන් ගත්ත දෙවැනි ලෝක යුද්දය ගැන සහ හිට්ලර්ගේ මහා යුදෙව් සංහාරය (සහ මිනිස් සංහාරය) ගැන පර්යේෂණ ලිපි, සාශ්ත්‍රීය පොත්පත්, නවකතා, නාට්‍ය, චිත්‍රපටි, ටෙලිනාට්‍ය, පොප් සංගීත වගේ දේවල් අනන්ත ලියවිලා, නිපදවල. තියෙනවා.
හිට්ලර් කතාව අලුතෙන් පටන් ගන්න HP ලා පුංචි project  එකක් විදියට "මා හිට්ලර්ට කැමති ඇයි?" කියලා වචන  1000 ක 1500 ක කෙටි ලිපියක් ලියලා බලන්න. තොරතුරු හොයන කොටම ඕකේ අනිත් පැත්තට තොරතුරු හමුවුනොත් මාතෘකාව වෙනස් කරන්න. පත්තරේකට යවන්න පලකරන්න කියලා. (හොඳ Damage control ප්‍රොජෙක්ට් එකක්.)
මගෙන් තොරතුරු ටිකක්.
1. හිට්ලර් බලයට ආවේ  පාර්ලිමේන්තුවට ගිනි තියලා වැරැද්ද කොමියුනිස්ට් කාරයන්ට පටවලා. මර්දනයක් දියත් කරලා.
2. හිට්ලර් දෙවෙනි ලෝක යුද්දය පටන් ගත්තේ ජර්මන් යුද්ධ භටයන්ට පෝලන්ත භටයන්ගේ uniform අන්දලා දේශ සීමාව ළඟ මරා දාලා, පෝලන්තය, ජර්මනිය ආක්‍රමණය කලබවට චෝදනා කරමින්.
3. හිට්ලර්ගේ වැඩ
යුදෙවු සංහාරය  - මිලියන 6යි
මරා දැමු සෝවියට් හිරකරුවෝ - මිලියන 6 යි
මරා දැමු සෝවියට් සාමාන්‍ය වැසියෝ - මිලියන 2 යි
මරා දැමු පෝලන්ත සාමාන්‍ය වැසියෝ - මිලියන 1 යි
මරා දැමු යුගොස්ලාවූ සාමාන්‍ය වැසියෝ - මිලියන 1  යි
මරා දැමු ශාරීරික හා මානසික ආබාදිතයෝ 70,000 යි.
මරා දැමු ජිප්සී ජනතාව 60,000 යි
යුද්දයේදී මියගිය ගණන මිලියන 60 යි.
ඉතිහාසයේ කුණු වලට විසි කර දැමු මේ මිනිහා තමා ගේ වීරයා  විදියට ප්‍රකාශ කරන්නත් හේතු තියෙන්න එපායැ.
ඉක්මනට පොතක් පතක් කියවලා හරි දේ හොයා ගන්න.
පුලුවන්නම් Holcaust බලන්න. විනාඩි 475 ක් යනවා. කොටස් 4යි.  DVD  තියෙනවා. Youtube එකෙත් තියෙනවා. Torrent  එකකින් Download  කරන්නත් පුළුවනි. මම හිතන්නේ මේක ලංකාවෙත් පෙන්නුවා.
මේක හරිම සංවේදී කතාවක්. ඔයාලටනම් කොහොමද මන්දා. මමනම් කීපවතාවක්ම ඇඬුවා. 

Wednesday, May 14, 2014

Nadu, Nadu, Nadu

Nadu Nadu අල්ලස් කොමිසමේ නඩුව, දන ගැස්සීමේ නඩුව හා බුලත් කෙල නඩුව


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ) 


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


13th may 2014

Nadu Nadu Nadu Nadu
අද පත්තරේ බලන කොට  ඔක්කොම නඩු. නිකම් පිස්සු ඩබල් වගේ. ඔන්න බලන්න. හැබැයි මම ලියන දේවල් විශ්වාස කරන්න එපා. මෙව්වා පිස්සු ඩබල් නේ.
(PDD)  අල්ලස් කොමිසමේ නඩුව.
මේක අර ලොකු තැනක හිටපු කෙනකුට විරුද්ධව අල්ලස් කොමිසම දාපු නඩුවක්. විත්තිකාරි කියනවා වැරදිකරුද, නිවැරදිකරුද කියන්න බැරිලු. ඇත්ත නේන්නම්. ඒක තීරණය කරන්න ඕනෑ උසාවියනේ. පිස්සු ඩබල්. මහේස්ත්‍රාත් තුමාගේ මුළු රාජකාරි ජීවිතයටම  මේ වගේ ප්‍රශ්නයක් ආවේ මේ සැරේලු.
පොත් බලලා, තව දන්නා කරන අයගෙනුත් අහලා තමයි ඉදිරි ක්‍රියා මාර්ග ගන්න වෙන්නේ. මගේ හිතේ.

අපේ රටේ නඩු අහන හැටි ඉගෙන ගන්න විදෙස් නීති ධරයොත් ඇවිල්ල. ඔය තියෙන්නේ ඉගෙන ගන්න දේවල්.
(PDD)
ගුරුවරියකට පාසල තුලදීම ශිෂ්‍යයන් ඉදිරියේ දන ගස්වා හිංසනයට ලක් කල ප්‍රාදේශීය දේශපාලකයෙකුට උසාවියෙන් දඬුවම් කරලා. බරපතල වැඩ සහිත අවුරුදු දෙකක් හිරේ (අත් හිටවූ)
පනස්දාහක් දඩ. ගුරුතුමියට ලක්ෂ තුනක වන්දියක් (පැය දෙකක් ඇතුලත) ගෙවන්නත් නියම කරලා.  එහෙම ගෙවන්න බැරිනම් තව හිර දඬුවම්.
සාමාන්‍ය ජනතාවනම් මේ වගේ තීන්දු වලට කැමතියි වගේ.
(PDD) දුම්කොළ සමාගමේ අභියාචනය ඉවතට
මේක ඉතා වැදගත් නඩු තීන්දුවක් නේ. Follow  නොකරපු අයට පොඩ්ඩක් විස්තරේ දෙන්නම්. සිගරට් පැකට් වල පිට පැත්තේ 80% ක් පිරෙන්න, දුම්බීමේ විපාක පිළිබඳව රූප සහිත අවවාද දාන්න කියලා ගැසට් නිවේදනයක් නිකුත් කළා, සෞඛ්‍ය ඇමති තුමා.

මේක 35% ක් කරන්න කියලා දුම්කොළ සමාගම උසාවියෙන් ඉල්ලුවා රිට් ආඥාවක්. උසාවිය දුන්න තීරණය අනුව අනුව 50% - 60% ක් රූපමය අවවාද වලට වෙන්කරන්න ඕන.

බලන කොට ඒ තීරණයත් හොඳයි. සිගරට් බොන මිනිහාට Brand එකවත් බලා ගන්න පුලුවන්නේ. තමන්ට  හැදෙන්න තියෙන පිලිකා වල වලට අමතරව.

(PDD)  බීමත් සහතිකේ නොදුන් දොස්තර රිමාන්ඩ්

මාතලේ පොලිසිය විසින් රජයේ රෝහල වෙත ඉදිරිපත් කල බීමත්  පුද්ගලයෙකු සම්බන්දව බීමතින් නොමැති බවට සහතිකයක් නිකුත් කල දොස්තර මහතෙක් පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත. (පිස්සු ඩබල්)
මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු ඉදිරිපත් කල පොලිසිය කියා සිටින්නේ දොස්තර මෙසේ කර ඇත්තේ දින කීපයකට පෙර, ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණි කුඩා ළමයෙකුට පයින් ගැසීමේ සිද්ධියක් සම්බන්දයෙන් පොලිසිය දොස්තරට විරුද්ධව නීතිමය ලෙස ක්‍රියා කිරීමට එකට එක කිරීමක් වශයෙන් බවයි.
(PDD) බුලත් කෙල නඩුව, දඩය 1500 යි.
 බස් රථයක කවුළුවෙන් එලියට බුලත් කෙල ගැසීම සම්බන්දව වරද පිලි ගත් බස් රියදුරෙකුට රුපියල් 1500 ක දඩය නියම කර ඇත.
තීන්දු දුන් නඩු වලට අමතරව තව ගොඩක් නඩු නිමිති.  ඔන්න බලන්න
රජය පැත්තේම නාගරික මන්ත්‍රී කෙනෙකුට මහා දවාලේ මහ පාරේදී වෙඩි වරුසාවක් තියලා. එතනම මැරෙන්න. වෙඩි තියලා තියෙන්නේ නාඳුනන තුවක්කු කරුවෙක්ලු. මෙයාලා  කාලයක් කොහේ හරි ගිහින් ඉඳලා දැන් ආයෙත් එනවා වගේ. 
මේ කට්ටියේම (නාඳුනන) තව කීප දෙනෙක් පොලිසියේ දෙන්නෙක්ව අරගෙන ගිහින් එක්කෙනෙක්ව මරලා. අනික් කෙනා පොර බදලා බේරිලා ඇවිත්. uniform දෙක ගලවාගෙන ගිහින්.
පොලිසියෙන් අත්අඩංගුවට ගත් බදුල්ල පැත්තේ අවුරුදු 18 ක තරුණයෙක් මිය ගිහින්.
තව ගොඩක් තියෙනවා. මමනම්  කියෙව්වා. ඒත් දැනට මේ ඇති.


Monday, May 12, 2014

Dreaming the Throne.

Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 
 
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ) 


දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


12th may 2014 

තව අයටත් සිංහාසනේ ගැන හීන පේනවා.
ජනවාරියේදී ජනපතිවරණයක් තියයි කියලයි, හැමෝම දැන් හිතාගෙන ඉන්නේ. දැන් දැන් එක එක අයට ඔටුනු, සිංහාසන, රජගෙවල් වගේ ඒවා හීනෙන් පේන්න පටන් අරගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇරෙන්න තව කවුරුත්  ගනන් ගන්න පුළුවන් තරමේ අපේක්ෂකයෙක් තවම ඉදිරිපත් වෙලා නැති නිසා මේ ලෙඩේ හුඟක් අයට බෝ වෙමින් පවතින බව පේනවා.
පත්තර වලිනුත් මේ ලෙඩ්ඩුන්ව අල්ලාගෙන අන්දනවා. මම අද දැක්ක පත්තරේකත් ඒ වගේ කෙනෙක් එක්ක සාකච්චාවක්. බලපුවාම එයත් සිවුරු අඳින කෙනෙක්  Pissu double .
හෙඩිම මම ජනාධිපති වුනොත්. මේක එහෙම පිටින්ම සිහින කතාවක්නේ. අපි ඔය වගේ මාතෘකා වලට රචනා ලියලා තියෙනවා ඉස්සර. විහිළු, අසම්භාව්‍ය මාතෘකා නිසා මෙව්වා කවුරුවත් කොහොමටවත් සීරියස් ගන්න ඕනෑ නෑ.
පත්‍ර වල දාන්නෙත් අපට බලලා හිනාවෙන්න. අලෙවිය වැඩි කරා ගන්නත් එක්ක. මේ ටිකත් බලල හිනා වෙන්න ජෝක් වලට ජෝක් වලින්ම ප්‍රතිචාර.
ආගම

ආගම පුද්ගලික කටයුත්තක් කරනවා.

ආගම තම තමාගේ පුද්ගලික මතයක් නිසා ඕනෑ කෙනෙක් අනික් පුද්ගලික කටයුතු වගේ ඒකත් ගේ ඇතුලේ රහසිගතව කර ගන්න එකයි ඇත්තේ. ප්‍රසිද්ධියේ කෙරෙන ආගමික වැඩ කටයුතු, සාකච්චා, ආගමික සංකේත, පොත පත ආදිය පිළිබඳව  නීති සම්පාදනය කරනවා. අර අසභ්‍ය දේවල් සඳහා තියෙන නීති වාගේම.
දක්ෂම ඇමති ආහාර සම්පාදනයට.
අපේ රටේ හැම කටයුත්තකදීම කෑමට ප්‍රධාන තැනක් දෙනවනේ.   ආණ්ඩු පෙරලි බොහොමයක් සිද්ද උනෙත්  ඔය කේස් එක හින්දනේ.
බන කතාවකුත් මතක් උනා. අර හරක් හොයන්න කැලේ  ගිහින් බඩගින්නෙම බන අහන්න ආව මනුස්සයාට කෑම ටිකක් කන්න සලස්වළලු බුදු හාමුදුරුවොත් බන කිවුවේ.
සංඝාධිකරණය

ආණ්ඩුව ඔය වැඩේට අත ගැහුවොත් හාමුදුරු වරුන්ගේ නඩු අහන්න ගිහියන්වත්, වෙන ආගම් වල ගිහි පැවිදි අයවත් පත් කරන්න වෙයි ඉදිරියේදී. ඇයි ඉතින් සම අයිතිවාසිකම්නේ, හැමෝම ඉල්ලන්නේ.
මමනම් හාමුදුරු වරුන්ගේ ප්‍රශ්න ගිහියන්ගේ උසාවි වලට ගේන්න තහනම් කරනවා. අධිකරණ නායක කියලා තනතුරු එහෙම තියෙන්නේ.
මත්පැන්
මත්පැන් වැඩේනම් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් නේද? සංචාරකයෝ, විදේශ දූත  මණ්ඩල, විදේශ ව්‍යාපාරිකයෝ සහ මේ ගොල්ල එක්ක තියෙන භෝජන සංග්‍රහ වගේ දේවල් වලදි මොකද කරන්නේ. ඒ මදිවාට මත්පැන් වලින් රටේ ආදායමට ලැබෙන දායකත්වය.
මම නම් කරන්නේ මත්පැන් වලට ඉහල බදු දමනවා. ඒකත් පුද්ගලික දෙයක් කරනවා. රජයේ ආයතන, පොදු ස්ථාන සහ මහා පාරවල බීලා ඉඳලා අහුඋනොත් දඩ ගහනවා + හිරේ දානවා. මේ නීති යටතේ ඕනෑ කෙනෙක් ඕනෑ තරම් බොන එකයි ඇත්තේ.
Casino
මළ ගෙවල් වල, පිරිත්ගෙවල් වල එහෙම බුරු ගහන්න ඒ අයට හොඳයි. මමනම් කරන්නේ ලයිසන් තියෙන ඒවාට (තියෙන පහට ඇර වෙන එකක්කත් ලයිසන් නෑ) රට පුරා ශාඛා අරින්න දෙනවා. එතකොට මළ ගෙවල් වල, පිරිත්ගෙවල් වලටත් බැරියැයි, ජංගම සේවා දෙන්න, ලයිසන් කට්ටියටම. පන්ති බේදයක් නැතිව හැමෝටම පුළුවන් කුමාර ක්‍රීඩා වල යෙදෙන්න.
ඉන්න හරක්
ජනපති චන්දෙන් දිනන්න නම් ලක්ෂ පනහ පන්නන්න ඕනෑ. තව ටිකක් හිටියානම් තමයි හොඳ. හරක් වැඩි කිරීමේ ව්‍යාපාරයක් දැම්මම දියත් කරනවා.
රට රැකියා

බටහිර පොහොසත් රටවල කට්ටඬි වැඩ වලට, හදි හූනියම් , සාත්තර බැලීම, අංජනම් බැලීම වගේ  ගුප්ත වැඩ වලටත් භාවනා වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ අංශය දියුණු කරන ගමන් හවුස් මේඩ් වැඩේ අඩු කරලා දාන්න කටයුතු කරනවා.
මරණීය දණ්ඩනය

මනුශ්‍ය ඝාතනය තියා සත්ව ඝාතනයටවත් මම කැමති නෑ. දැනට අලුගෝසුවෙක් හොයා ගන්නවත් බැරිව ඉන්න වෙලාවේ ඔය අහුවුනේ හොඳ candidate කෙනෙක්. අල්ලලා පත් කරනවා. අම්මපා. (තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම දෙකටම). හැබැයි ඉතින් වැඩ කරන වෙලාවට වෙන තනතුරු වලට අදාළ uniform  අඳින්න බෑ. hangman uniform එක අඳින්න ඕනෑ
ඉඩම්
ඉඩම් ඔක්කොම  ආණ්ඩුවට ගන්නවා. පාවිච්චි කරන අයගෙන් කුලියක් අය කරනවා.
ආගමික පොලීසි
ආගම් වලට විතරක් නෙමෙයි හැම වැඩේටම ඒ ඒ වැඩේට වෙන වෙනම පොලීසී දානවා. ආගම් පොලීසි වලට, අදාළ ආගමේ පැවිදි පක්ෂයෙන්. පලපුරුද්ද බලලයි ගන්නේ.
Cabinet එකේ ගණන.
විසිපහක් මක්කටයි? ගෙදර ඉන්න ගනනට ඇමතිකම් තිබුනම හොඳටම ඇති.

National Languages
සිංහල, දෙමල තමා රටටම වසංගතයක් උනේ. තහනම් කරනවා. දෙකම.
KUDU
කාටවත් ඒ වැඩේටනම් අත  තියන්න දෙන්නේ නෑ. ඒ වැඩේ මම බලා ගන්නම්.
provincial Councils
පළාත් සභා අහෝසි කරලා, මගේ පක්ෂයේ අය විතරක් ඉන්න ඉන්නපළාත් සංවර්ධන සභාවල්  හදනවා. අර අහවල් අහවල් රටවල් වල තිබුන වගේ.
ජනාධිපති නිල ඇඳුමක් (special Uniform for President )
ජනාධිපති නිල ඇඳුමක් ව්‍යවස්ථාවෙන්ම නියම කරනවා. තොප්පි දාගෙන, ලෝගු ඇඳගෙන, තිලක තියාගෙන, සිවුරු පොරවාගෙන රජ පුටුවේ ඉඳගන්න තියෙන ඉඩ මේකෙන් වලකිනවා.

වැරැද්දක් තියෙනවානම් ඔබේ යෝජනා දාන්න. මම සලකා බලන්නම් 
 
මටනම් පිස්සු ඩබල් වෙලා.











Friday, May 9, 2014

Biggest Fine in History + 102 year sentence



Biggest Fine in History + 102 year sentence

Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ
)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


10th may 2014 

Biggest Fine in History + 102 year sentence
ඉතිහාසයේ ලොකුම දඩය (අවුරුදු 102 ක සිරදඬුවමක් සමග)

ලංකාවේ උසාවියකින් ගහපු ලොකුම දඩය ඔයාල දන්නනවානේ . (රුපියල් කෝටි 1198). මේ ඉලක්කම කී දෙනෙකුගේ ඔලුවට යාවිද මන්දා? පිස්සු ඩබල්. 

මම එහෙම කිවුවේ සංඛ්‍යා ගැන කතා කරන කොට ඉතාම පුංචි අයට තියෙන්නේ ඉලක්කම් දෙකයි. (එකයි - ගොඩයි) ඒ ගොල්ලන්ගේ අනන්තය, අසංඛ්‍යය වගේම දෙක තුන හතරත් එකමයි. (Binary කට්ටිය - දුප්පත්ම දුප්පත් අය)

ඊට වඩා බර  තියෙන අයගේ ගණන් ක්‍රමයට ඉලක්කම් තුනයි. (එකයි, දෙකයි, ගොඩයි). ඒ අය කලින් කිවුව අයට වඩා ගොඩාක් පෝසත්.
ඔයාලා කොච්චර ලොකුයි කියලා හිතන් හිටියත් ඔයාලගේ ගණන් ක්‍රමයට කෝටි 1200, ලොකුයි කියන තනි ඉලක්කමට යනවානම් (obvious) මේ ප්‍රශ්නය ඔයාලට අපිට අයිති නැති ප්‍රශ්නයක් වෙනවා. මොකද, දන්නේ නැති මගුල් ගැන කතා කරන එක වැඩක් නැතිවා වගේම නරක ප්‍රතිඵල ලබා දෙන්නත් ඉඩ තියෙනවා.

ඒ නිසා මේක අපිම තේරුම් ගන්න බලමු. ඔයාගේ ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය? බස් එකද? වීල් එකද? යාලුවාගේ බයික් එකේ pillion එකද? එහෙමත් නැත්නම් පයින්මද? එහෙනම් ඔට්ටුයි, ඔයාට මේ ගණන කොහොමවත්  තේරෙන්නේ නැතුවාට.
අපි එහෙනම් ගම්මු බයික් එකක්. කීයක් විතර වෙයිද? මේක ලියන්නම දැම්මා research  එකක්. හම්බ වෙච්ච පළමු වෙනි බයික් ඇඩ් එක. Hero Pleasure එකක් කොහොමද ස්ටාර්ට් එකට. රු. 178,563 + vat. මම VAT rate දන්නෙ  නෑ. හෙල්මට් දෙකටයි, ලයිසන්, ඉන්සුවරන්ස් වලටයි යන ගානත් එක්ක ලක්ෂ දෙක පනිනවනේ.
ලක්ෂ දෙකෙන් කෝටි 1200 බෙදලා බලන්නකෝ. අමාරු නම් මෙන්න උත්තරේ. 60,000 යි. ඒ කියන්නේ ඔය ගානට Hero Pleasure බයික් 60,000 ක් අර ගන්න පුළුවන් කියන එකයි. වැදුනද? (අනේ මෙහෙම ආසාවක්)
ඔය 1198 දඩය ගැහුවේ 400ක් විතර වංචා කරලා අහුවෙලා. අහුවෙච්ච එකේ ගාන ඔච්චර නම් අනිත් එව්වා? ගත්තු එව්වා, ගහපු එව්වා ආයෝජනය කරපුවාම? (වත්කම් ගැනත් පත්තරේ තිබුනා)
වැදගත්ම කොටසක්. ගිය සතියේ මට පොලේදී මුණ ගැහුනා මගේ පරණම යාලුවෙක්. එයා පෙන්සන් ගන්ඩ ඉස්සෙල්ල වැඩ කලෙත් ඔය දඩය කාපු, හිරේට නියම වුන ලොක්ක හිටපු තනතුරේම තමයි. පදවිය නම් වෙනස්. 

සමහර වෙලාවට එයා බස් වලත් යනවා. වීල් එකෙත් යනවා. පයිනුත් යනවා. ඔවු, ඔවු කාර් එකෙනුත් යනවා.
එකක් ෂුවර්... මොකේ ගියත් එයාටනම් හිරේ යන්න වෙන්නෙ නෑ. දඩ කන්න වෙන්නෙත් නෑ. මෙහෙ ඉඳලා කෙලින්ම දෙව් මවු තුරුලට තමා.

මේ ටික ලියන්නේ මගේ ආශාවට.
Hero Pleasure ගැන කියන කොට මට මතක් උනා  මගේ බයික් එක  (අවුරුදු 35 ට විතර ඉස්සර)

 මේ තියෙන්නේ.   
 
courtesy: www.utvdrive.co.uk
Kawasaki Z250 (1982)

මේක මට සම්භාවිතාවය ගැන හොඳ පාඩමක් ඉගැන්නුවා. "බයික් පදින කොට  කකුලක්  කැඩෙන්න තියෙන සම්භාවිතාවය හොඳටම වැඩියි."

"සබ්බේ සංඛාරා අනිච්චාති"

A Monk as President?

A Monk as President? (ජනාධිපති වහන්සේ නමක්?)


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුව
පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


9th may 2014 
A Monk as President? (ජනාධිපති වහන්සේ නමක්?)

(PDD) දාගත්තා අදනම් අප්ඩේට් එකක්. හාමුදුරු නමක් ජනාධිපති කමට තරඟ කරනවාලු. පිස්සු ඩබල් (Pissu Double) උනා. සීනියර් කට්ටියත් සපෝට් වගේ. ඒකත් අර "අපිට මොකද අපි දසසිල් උපාසක" කිව්වා වගේ තමා.

කට්ටියක් කියනවා කවුරුත් එයාලා කියන ඒවා අහන්නේ නැතිලු. බුදු හාමුදුරුවෝ කියපු එව්වනම් ඒ කාලේ රජවරු ඇහුවලු.

මෙතන බරපතල ප්‍රශ්න ගොඩක් තියෙනවා. සිද්ධාර්ථ ගෞතම බුදුරජානන් වහන්සේ නුල් පොටේ, බත් ඇටේ ඉඳලා රජකම දක්වා  තමන්ට තිබුන සබ්බ සකල දේම අත ඇරලා තමා හිස මුඩු  කරගෙන රළු සිවුරු පොරවාගෙන හය අවුරුද්දක් පෙරුම් පුරලා බුදු වුනේ. බුදු වුනාට පස්සේ උන්වහන්සේගේ වචනයට බිම්බිසාර රජතුමා කොසොල් රජතුමා වැනියෝ කන් දුන්නා තමයි. 

තමන්ගේ රාජ්‍යය තියා තමන්ගේ රාජ්‍යයයේ තණ පතකටවත් උන්වහන්සේගෙන් තර්ජනයක් නැති බව ඒ රජවරු දැනගෙන හිටියා. බයක් සැකක් නැතිව උන්වහන්සේ කියන ඕනෑ දෙයක් පිළිගන්න වගේම ඉටු කරන්නත් පුළුවන් උනේ උන්වහන්සේ හිස මුඩු කරලා හිටපු නිසාවත් සිවුරු ඇඳලා උන්න නිසා වත් නොවෙයි. උන්වහන්සේ හැම දෙයම තිබිලා සේරම අත් හැරලා දාපු කෙනෙක් නිසයි. දැන් case එක වෙනස් නේ.

කොන්ඩේ  බූ ගාලා සිවුරක් ඇඳ ගන්න එක, වින්නඹු අම්මලාගේ අයිතිවාසි කම් වල ඉඳලා රජකමට එනකම් හැම මගුලටම අත දාන්ඩ ලැබෙන ශුද්ධ වූ සුදුසු කමක් කියාලා මේ රටේ බෞද්ධ ජනතාවට ඒත්තු ගන්නවන්න අමාරු වෙයි මගේ හිතේ. ඒ වගේ හැමෝගෙම හැම දේම උදුරා ගන්න ට්‍රයි කරන කට්ටිය දෙන අවවාද වලට, අයිඩියා වලට බයක් සැකක් නැතිව කන් දෙන්න පුළුවන් මොන රජාටද?


රජ සැප තියා ඉදිකටුවක් නූල් පොටක්වත් අත හැර ගන්න බැරි, කෙලෙස් වලින් පිරිලා කුනුවෙච්ච, සමහර පංචස්කන්ධ වටේට ඔතලා තියෙන චීවර වලටත්  අමුලිකා ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් කරාපු අපේ උපාසකම්මලා මේ සැරේ නම් ප්‍රඥාව දියුණු කරා ගනීවි.

බෝසතුන් වහන්සේ පෙරුම් පුරණ කාලෙදිත්, අනන්ත වතාවක් රජකම් අත ඇරලා දාපු බව උපාසකම්මලා සැට් එක හොඳට දන්නවා. පිරිමි සැට්  එක කොහොමටත් ඉතින් හාමුදුරු වරුන්ට වඩා කැමැත්තෙන් අනික් අයට මනාපේ දෙයි. අර එක ගමනක් බර ගානක් පාර්ලිමේන්තු ගිහින් ඊට පස්සේ උන වැඩේ මතකනේ. 

මොනම තත්වයක් යටතේවත් ලබන අවුරුද්දේ තියෙන ජනපතිවරණයකින් ලක්ෂ 40 ට වැඩිය ඡන්ද ගන්න සිවුරක් ඇඳගෙන තරඟ කලොත් බැරි වෙයි. මේකට එනවානම් අඩු තරමේ ඒකවත් අත ඇරලා (සිවුරු ඇරලා) ආවොත් වැඩිපුර කීයක් හරි හම්බ වෙයි. අවංක කම පේනවනේ. මොක වුනත් හාමුදුරුනමක් තරඟෙට ආවොත් මහින්ද මහත්තයාගේ  ජය තහවුරු වෙනවා. 

තුන් වැනි අපේක්ෂකයෙක් ඇවිත් එයත් ඡන්ද ගත්තත් සිවුරට දෙවෙනි මනාප නෑ. දුන්නොත් දුන්න. නැත්නම් නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන පරිනත බව 1956, 1977, 1994 පෙන්නලා තියෙනවා.
ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, ඉන්දියන්, නෝර්විජියන් (ඇයි  චීන).. කාගේ සමීක්ෂනේටත් වඩා මගේ අනාවැකිය හරි යනවා කියලා මට ෂුවර්.

(PDD) අනික් කතන්දරේ තමා විධායක ජනාධිපති කම. ඔය කොයි රටෙත් රාජ්‍ය නායකයා (විධායකය) අතේ රට පාලනය කරන්න ඕනෑ බලතල තියෙනවා. බටහිර බලවත්තු, අපේ රට වගේ පුංචි රටවල් අරාජික කරලා තමන්ට ඕනෑ විදියට නටවන්න තමා, බලය නැති, එයාලගේ පදයට නටන ආණ්ඩු හදන්නේ. බටහිර වඳුරන්ට, ඩයස්පොර ලාට කොස් ඇට බාන්න අපේ හාමුදුරුවරු විතරක් නෙමෙයි ගිහියොවත් බළල් අත් වෙන්න හොඳ නෑ.

1977 ජේ. ආර් මහත්තය අගමැති වෙලා අලුත් ව්‍යවස්ථාව හැදුවේ නැත්නම් (විධායකය බලගැන්නුවේ නැත්නම්) අද ලංකාවක් නෑ. විධායක බලතල නැතුව කොහොමද යුද්ධ දිනන්නේ. මේ සැරේ හදන්නේ රාජ්‍ය නායකයාගේ බලතල ටික අයින් කරලාම පටන් ගන්නයි. (මම කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ)
 
චන්ද්‍රිකා තමයි ඉස් ඉස්සෙල්ලම විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න අත්සන් ගහලා (ලේවලින්ද?) ඊට පස්සේ විලි ලැජ්ජාවක් නැතිව යාවජීව ජනාධිපති වෙන්න හැදුවේ. දැන් ඔය විධායක ජනපති ක්‍රමය ඉවත් කරන හවුලට ජ.වි.පෙ යි, චන්ද්රිකායි දෙගොල්ලම එනවාද? එහෙනම් ඉතින් Pissu Double ම තමා.

සාදු! සාදු!! සාදු!!!

Thursday, May 8, 2014

"Mawbima Newspaper", 5S and Seiri, University Education and Campus-Thurstan gal-hatana


 "Mawbima Newspaper", 5S and Seiri, University Education and Campus-Thurstan gal-hatana


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුව
පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.

8th may 2014

"Mawbima Newspaper", 5S and Seiri, University Education and Campus-Thurstan gal-hatana
 
(PDD) මව්බිම පත්තරේ.
තාත්තගේ සුලැඟිල්ලේ එල්ලිලා කොළඹ වරාය බලන්න ආව දවසේ ටයිම්ස් බිල්ඩිම ඉස්සරහ තිබුන විශාල මාර ගහ යට උස මහත සුද්දෙක් පත්තර විකුනනවා. පිස්සු ඩබල්.

අපේ තාත්තටත්  හදිස්සි කඩි  කුලප්පුවක් හැදුනා. ඉක්මනට දුවලා ශත පහක් දීලා පත්තරයක් අර ගත්තා. සුද්දා එක්ක වචන දෙකතුනකුත් කතා කළා. සුද්දත් තාත්තා එක්ක ටිකාක් අමුතු සිංහලෙන් කතා කෙරුවා. මගේ ඔලුවත් අත ගැවා. 


පස්සේ තාත්තා මට කිවුවා විස්තරේ. "ඒ හිටියේ පීටර් කෙනමන් සහෝදරයා. එයා තමා මැද කොළඹ පළමු වෙනි මන්ත්‍රී." (ඒ කාලේ මැද කොළඹට මන්ත්‍රීලා තුන් දෙනයි. කේනමන් මහත්තයා කී වෙනියද කියල හරියටම මට මතක නෑ. කියපු වචන විතරක් ටික ටිකක් මතකයි. තේරුම් පහුකාලේ දැනිච්ච එව්වා වෙන්න ඇති.)

ගෙදර ඇවිත් අමාරුවෙන් පත්තරේ කියෙව්වා. අර ලොකුම අකුරු වලින් තියෙන නම විතරයි ඒ කාලේ කියවන්න පුළුවන්. ඒ මව්බිම පත්තරේ. කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත. මවුබිම අලුතින් ගහන්න ගත්තට පස්සේ කොමියුනිස්ට් කට්ටිය නඩු දැම්මා නම ඉල්ලලා. ආයෙත් නඩුව ඉල්ලා අස් කර ගත්තා. (2006 දීද?)


මොක වුනත් මට පත්තර තොගයක්ම ආවට මවුබිම තමා favourite ම.

(PDD) 5S, සෙයිරි සහ සෙයිතොන්
මම ඉඳගෙන බ්ලොග් ගහන කොට අපේ කට්ටියට ටිකක් අප්සැට්. මට පොඩි ප්‍රශ්නයක් දැම්මා ලොක්කි. මම කිවුවා. "මම මස්තිශ්කය සෙයිරි කරනවා" කියලා. 

තවත් ටිකක් බලා ඉන්න කොට මම දුන්නා පුංචි පැහැදිලි කිරීමක්. "තැනකින් තැනකට යන  වෙලාවට උන්න හිටිය තැනක් සුද්ද බුද්ද කරලා, අතු පතු ගාලා, අස් පස් කරල තියලා, යන්න එපා යැ." පිස්සු ඩබල්. මෙන්න බොලේ ලොක්කිගේ ඇහේ කඳුළු.

(PDD) 
University Education and Campus-Thurstan gal-hatana


පත්තරේ බලන කොට දැක්කේ. විශ්ව විද්‍යාලයට සුදුසු කම් ලබපු දාස් ගානක් ඇතුල් කර ගන්න විදියක් නැතිලු ඉඩ නැතිව. ඒ අස්සේ අලුත් මාස්ටර් කෙනෙක් පරණ මාස්ටර් කෙනකුට "මානව ශාස්ත්‍ර කපන්න එපා" කියලා challange එකක්. "දැන් සනීපද?"  කියලත් අහනවා. පිස්සු ඩබල්.

විසඳුම් හොයන්න මම ගියා අවුරුදු පනහක් අතීතයට.

ඒ ගමන උනේ HSC කරපු කට්ටියයි AL කරපු කට්ටියයි දෙගොල්ලම  වාසිටි යන්න. කැම්පස් හතරනේ තිබුනේ. (university 3 යි) විද්‍යෝදය, විද්‍යාලංකාර දෙකටත් වෙන වෙනම entrance විභාග මගේ හිතේ.

මෙන්න ඒ කාලේ දුන්න විසඳුම. (අතුරු කතා ගොඩක් එක්ක). මේ  සැරෙත් ඒකට්‍රයි කරලා බලමු.

Ceylon එකේ කර්මාන්ත දියුණුව ලෝකෙට පෙන්නන්න තිබ්බනේ ප්‍රදර්ශනයක්. (Race Course) එකේ. ඒක බලන්න සුද්දෝ ආවද මන්දා. මමනං දෙගමනක් බැලුවා. පාසල් දරුවන්ට රජයෙන් නොමිලේ බස් පහසුකම් ඇතුළුව ප්‍රදර්ශනය බලන්න ලැබුණා.  ඒ කාලේ කෝටියක් වටින අත්දැකීමක්. 

ග්‍රහලෝකාගාරයත් හැදුවේ ඒ වෙලාවේ. රටවල් කීපයක්ම stalls දාලා තිබුනා. මේ රටේ අය පළමු වරට රුපවාහිනී තිරයක් දැක්කේ එතන තිබුණු American stall එකෙන්.


අදාළ දේ මේකයි. ඉතුරු බිතුරු උන යටිතල පහසු කම් ටික තමයි කැම්පස් එකට හම්බ උන දායාදය. නොතිබුන ඉඩ හම්බ උනා. සුදුසුකම් තිබුන ඔක්කොම ලමයි ටික මානව ශාස්ත්‍ර පීඨයට.
AL වලට සිංහල, ලංකා ඉතිහාසය, ඉන්දීය ඉතිහාසය, භූගෝලය, බෞද්ධ සංස්කෘතිය වගේ විෂයයන් ඉගෙනගත්ත ළමයි Econ, philosophy වගේ අලුත් විෂයයන් තෝරා ගත්තා පොදි  පිටින්.

GAQ (ෆස්ට් ඉයර්) ඉකෝන් මුල්ම ලෙක්චර් එකට දාහකට වැඩියි. ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එක පිරිලා. එළිමහන් දේශන ශාලාවේ ශිෂ්‍යයෝ. ප්‍රදර්ශනේට වානේ සංස්ථාවෙන් හදපු අට්ටාලේ තිබුන තැන දේශකයා. ළමයින්ට හොඳට ඇහෙන්න ඉස්පීකර් දමල. (ටියුෂන් ස්පීකර් වලට වඩා හුඟක් ප්‍රාථමික ඒවා. මේ... යකඩ කටවල්.) 

ඉන්ද්‍රරත්න මහත්තයා (Dr ද Prof ද මට මතක නෑ) සිසිල් සුලන් වැදි  වැදී අවුව නිසා දාඩියත් දාගෙන නමෝ විත්තියෙන් පටන් ගත්තා "අශ්ව විද්‍යාලයේ" පළමු ලෙක්චර් එක.
"සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත අවශ්‍යතාවයන් ප්‍රමාණයක් සපුරා ගන්න විදිය තමයි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ" දුන්නා  ආර්ථික විද්‍යාවට introduction එක.

"හරියට, ඉතුරු වෙලා තියෙන කෙස් රොදවල් දෙකෙන් මුළු තට්ටේම වහනවා වගේ වැඩක්" කට කැඩිච්ච කොල්ලෙක් කියනවා ඇහුනා.

අවුරුදු හතළිහකට විතර ඇති වෙන්න මානව , සමාජ ශාස්ත්‍ර graduate ලා සෙට් එකක් හදන්න තියපු පළමු පියවර. 


ඒ කට්ටිය දැන් පැන්සොන් හින්ද තව කට්ටියක් හදමුද? අලුත් මාස්ටර් පරණ මාස්ටර් දෙන්නම ගොඩ.

දැන් ටීකාව. (අතුරු කතාව)  මේ සිද්දි මාලාවටම මගේ කිසිම official  සම්බන්ධයක් නෑ. මමත් අහිංසක නවක ශිෂ්‍යාවක් නවක වදයෙන් බේරා ගන්න උදාර මෙහෙයුමක යෙදීලා ලෙක්චර් එකටත් සෙට් වෙලා.  ඊට ටික වෙලාවකට කලින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ මෙහෙයවීම මත තිබුන වාර්ෂික Campus-Thurstan gal hatana ටත් සහභාගී වෙලා කවුරුත් හිටියේ. Pissu Double. හරිනම් ඒ වෙලාවේ මම ඉන්න තිබුනේ හැතැප්ම 75ක් විතර දුර මගේ ලෙක්චර් එකට සහභාගී වෙමින්.

ey kaale ehemayi. danuth ehemada?






History  Repeats, Marketing Pali, Yaachaka potha 


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


8th May 2014 
History repeats, Marketing Pali, යාචක පොත

History  Repeats, Marketing Pali, යාචක පොත
(PDD) ඉතිහාසය නැවතත් සිද්ද වෙනවා කියල කතාවක් කියනවා.

පොඩි දරුවෙකුගේ වැඩකදී ෆුල් සපෝට් එකක් දීලා අවශ්‍යනම් 80%ක් 85% විතර කරලා දීල වැඩේට ෆයිව්  ස්ටාර්ස් (ග්ලිටරින්ග්) දීලා ළමයි හදන තාත්තලා අම්මලා ට වයසට යන කොට ඒ අවශ්‍යතාවයම එන වෙලාවල් තියෙනවා.

එහෙම හරියට වැඩ කරපු අයට 5 ස්ටාර්ස් ලැබෙන්නේ දරුවන්ගෙන් විතරක් නෙමෙයි.තව ඉන්නවා ටීම් එකේ මුනුබුරු මිනිබිරියනුත්. බලා ඉන්න අයත් ඉඳ හිට අප්පුඩි ගහනවා. එහෙම අයට හම්බ වෙන ස්ටාර්ස් වලට බන පොතේ කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා.
යුතුකම් ඉටු කලොත් වරදින්න හේතුවක් නෑ. හැමෝම ඒක කලොත් පත්තර වලට සිද්ද වෙන්නේ නෑ වැඩිහිටි නිවාස වලට ගිහින් standard "දරුවෝ නොසලකන" කතන්දරේ ලියන්න. මොකද හැම පත්තරේකම වගේ මාසෙකට දෙකකට සැරයක් විතර මේ ටොපික් එකෙන් ලිපියක් තියෙනවා.

හැබැයි ඉතින් දරුවන්ව ගඟට දාන තාත්තල ගැනයි, හරියට මතක ශක්තියක්වත් නැති අම්මලා තාත්තලාත්  එක්ක දුර ට්‍රිප් ගිහින් ඒ අයව මග අමතක වෙලා එන දරුවන්ගෙයි කතා කියවන වෙලාවටනම් පිස්සු ඩබල්.


(PDD) Marketing Pali, පාලි භාෂාව අලෙවිකරණය.

බන චැනල් එකේ අපුරු බණක්. ඇත්තටම හරිම හොඳයි. පින්වතුන්ට නොතේරන පාලි කොටස්, වරදින තැන් කීපයකුත් ලස්සනට කියා දුන්න. අන්තිම ටිකනම් මගේ මෂ්තිස්කයට ගියේම නෑ. ඇම්ඩා කියා දීපු තර්ක ක්‍රමයට කොහොමටත් අල්ලන්නේ නෑ.

හාමුදුරුවෝ කියන්නේ බුද්ධ භාෂිතය විකෘති නොවෙන්න නම් සිංහලෙන් තිසරණ, පිරිත් කියන එක හොඳ නැතිලු. සිංහලෙන් බන කියන එකත් හොඳ නෑ එහෙනම් . ළමයිනේ, බලාගෙන. පාලිත් ටියුෂන් ගන්න වෙයිද දන්නේ නෑ.

ලංකාවේ බෞද්ධයන්ගේ භාෂාව සිංහලනම් බුද්ධාගමේ හැම වැඩක්ම සිංහලෙන් කලොත් මොකද වෙන්නේ. මමනම් හිතන්නේ පන්සිල් ගන්න, තෙරුවන් වඳින්න වගේ වැඩටත් සිංහල භාවිතා කරනවානම් අඩු තරමේ බෞද්ධයෝ පන්සිල් නවගුණ වත් දැන ගනීවි.

භාෂා ප්‍රශ්නේ නිසා පනස් ගණන් වල හැට ගණන් වලදී දෙමල මිනිස්සු වැටුණු තත්වය මොකද්ද කියල මට දැන් තේරෙනවා. සිවගුරුලා, සුබ්‍රමානියම් ලා සිංහල පාස් කර ගන්න බැරුව EB පැනගන්න බැරුව විඳපු දුක්, මේ සිංහල අපිටත් මතකයි.
හාමුදුරුවන්ගේ මීටරයට වැටිලා නෑ සිංහල භාෂාව දැනුත් 50% විතර පාලි තමා කියන එකයි, සිංහල භාෂාවේ කිරිකිත්තා පාලි නෙමෙයිනම් පාලි වල ලඟම ඥාතියෙක් කියන එකයි. අනිත් එක තමා බුදු හාමුදුරුවෝ වැඩියෙන්ම බන දේශනා කලේ ඒ කාලේ මගධ, කෝසල වගේ රාජධානි වල මිනිස්සුන්ට ඒ අයගේ භාෂාවෙන් බව.
බුදු හාමුදුරුවෝ ඇත්තටම ඉන්දියාවේ ඉස්සර ජීවත් වුන උතුම්ම උතුම් real මනුස්සයෙක් කියන එකත් අමතක වෙලා. දැන්වත් ඒහිපස්සික බුදු දහම හොයා බලන එක ඇඟට ගුණයි.

බන ඉවරයි. අරියධම්ම හාමුදුරුවන්ගේ සිංහලෙන් කරපු බෝධි පුජාවක recording එකක්. පිස්සු ඩබල්.  (එකම චැනල් එකේ අයිඩියා දෙකක්. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය)
මට හිතෙන්නේ පාලි මාර්කට් කිරිල්ල පැත්තකින් තියලා ශ්‍රී බුද්ධ ධර්මය සිංහලෙන් මාර්කට් කලානම් ස්වාමීන් වන්සේලාටයි ගිහි අපටයි දෙගොල්ලන්ටම ඉක්මන් නිවන් සුව. (මට හිතෙන විදියට).
(PDD) යාචක පොත කියල ලිපියක්. පාර දිගේ කියවලා ඉවර කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඊට වැඩිය ඉක්මනට මට පිටු 150ක් තියෙන ජනප්‍රියම ඉංගිරිස් පත්තරේ ඉවර කරන්න පුළුවන්.

(Education section එකයි employment section එකයි මංගල යෝජනා set එකයි අපි වගේ සැන්දෑ කාලේ ගත කරන අයට නුසුදුසු නිසා පැත්තකින් තිබ්බම පත්තරේ  කෙට්ටු වෙනවා හොඳටම.)
යාචක කතාවත් පුනප්පුනං එන කතාවක්. දෙන්දෝ නොදෙන්දෝ කියලා දෙගිඩියාවට මම වැටුනා අඩ  සියවසකට විතර ඉස්සර.

(PDD) මට රජවීදියේ බස් ස්ටෑන්ඩ් එකේදී (සෙනසුරාදා දවසක)හම්බ උනා මනුස්සයෙක්.  මෑන්ගේ පර්ස් එක පික් පොකට් ගහලා. කොළඹ යන්න තියෙන්නේ. පවුනේ කොළඹ ටිකට් එකටයි කෑගල්ලේ බස් කඩෙන් තේ පාරක් දා ගන්නයි ඇති වෙන ගානට රුපියල් දෙකක්ම දුන්න. රුපියල් දෙක ලොකු ගානක්. මිනිහෙකුගේ දවසක පඩිය .. ආණ්ඩුවේ චෙක් රෝලේ

මිනිහා මම ගොඩ උන බස් එකට ගොඩ උනේ නෑ. ඊ ළඟ බස් එක පැය බාගෙකින්. (ඒ කාලේ නුවර-කොළඹ බස් දවල්ට පැය බාගෙන් බාගෙට. රෑට පැයෙන් පැයට එළිවෙනකන්. රටටම ටික ටික curfew (official and unofficial  කොවුවත්) වැටෙන්න ගත්තේ හැත්තෑ එකෙන් පස්සේ. 2009 දී ඒක  ඉවර වුනේ කොන්ද පන තියෙන මිනිස්සු ටික දෙනෙකුට පින් සිද්ද වෙන්න)

පිස්සු ඩබල්. ඉතිහාසේ කියන්න ගිහින් යාචක පොත අමතක වෙන්නයි ගියේ. අල්ට්ස්හයිමර් දොර ලඟට ඇවිල්ලාද?
සඳුදා උදේ බෝ ගහ ළඟ බස් ස්ටෑන්ඩ් එකේදිත් මිනිහගේ පර්ස් එක නැතිවෙලා. පවු මිනිහ අද යන්න ඇවිත් තියෙන්නේ ගෙදර යන්න. මාතර. පිස්සු ඩබල්. මම බැනලා එලෙව්ව.
අද මම අවුරුදු පනහක් එකතු කරගෙන. (ළඟ පැත්තෙන් බලන කොට නම් අඩු කරගෙන) චින්තනේ වෙනස් වෙලා. කවුරු හරි ඉල්ලුවොත් පුළුවන් විදියට දීලා අමතක කරලා දානවා. මෛත්‍රී චේතනාව, අලෝභ චේතනාව සහ නෙක්ඛම්ම චේතනාව කැත කර ගන්න ඕනයැ? තව, නොතේරෙන දේවල් විග්‍රහ කරන්න ගිහින්.
මට මේ ටිකේ දේශපාලනය follow කරන්න බැරි උනානේ. දේශපාලන මාතෘකා වලට ඉස්සරනම් ප්‍රමුඛතාවය. දැන් නම් ප්‍රමුඛතා  ලැයිස්තුවේ පශ්චාත් භාගයේ. අග හරියේ. ඒ උනාට තරුණ කාලේ Theoritical Physics උගන්නපු ආචාර්ය වරු තවම මැයි පෙළපාලි වල යනවා දකින කොට නම් අනුකම්පාව උතුරලා යනවා. විෂබීජ ඇතුල් උනාම ලෙඩේ සනීප උනත් විෂබීජ Dormant වෙලා ඇඟ ඇතුලේ තියෙනවාලු. ඒකනේ ඔය අස්සෙ ඒකත් mata මතක් උනේ.

මොක උනත් උනත් update එකක් දා ගන්න ඕනෑ.

Wednesday, May 7, 2014



Colombo in 50s, granite paved roads, Tram Cars and Trolley buses.

 
Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)

දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.


7th May 2014

පත්තර ගොඩ ගැහිලා. කියවන්න බැරි වෙලා.  වෙලාව යනවා විතරක් නෙමෙයි 40GB  hard disk එකත් පිරිලා උතුරලා යනගානට. information වලට වැඩිය noise. ඒ මදිවාට slow retrieval දැන්නම් ඉතින් වාරණ ප්‍රතිපත්ති ටිකක් තද කරන්න වෙනවා.ස්ටාර්ට් එකට කපනවා මංගල යෝජනා.
එහෙම කිවුවේ මට කොහොමටත් අදාළ නැති හින්ද. තරුණ අයට නම් marriage  proposals, noise නෙමෙයි information.

(PDD)දැන් පත්තර ගත්තම (විශේෂයෙන්ම ඉරිදට) එකට දහයක් විතර ලැබෙනවා.(ටෙන් ඉන් වන්).

ඉස්සෙල්ලාම two-in-one කිවුවේ radio, cassette දෙකම තියෙන එකට. ත්‍රී-ඉන්-වන් කිව්වේ තැටි දාන turn table එකත් තිබුනොත්. අවුරුදු 5000 ක් විතර කාලයක් පිටින් ආපු වෙළෙන්දෝ එක්ක කතා කරලා භාෂාව පෝෂණය කරගෙන නිපුණතාවයක් තියෙන අපේ කට්ටිය මේ වචන දෙකම අලුතින් නිර්වචනය කළා.
ඒ කාලේ පේමන්ට් එකේ pavement මුදලාලිලා two-in-one, ත්‍රී-ඉන්-වන් කිය කියා බෙරිහන් දිදී මේවා වික්ක.  two-in-one කිවුවාම කාන්තාවන්ගේ ලොන්ජරී (lingerie) සෙට් එකේ කෑල්ලක්. අනිත් එක පිරිමි අයට. පිස්සු ඩබල්  
(PDD)
රුපියල් 60ක් දීල පත්තරයක් ගත්තම පිටු 136 යි. දැන්වීම් කොළ එක්කහු උනාම කොහොමටත් 150ට වැඩියි. අකුරු කීයක් තියෙයිද? ඔක්කොම ටික කියෙවුවෙ නැත්නම් මොන තරම් නාස්තියක්ද? මහන්සි වෙලා, සල්ලි වියදම් කරලා. මේවා ඔක්කොම ලියන්නේ කා වෙනුවෙන්ද?

පත්තර ඔක්කොම මුල ඉඳල අගට කියවල ඉවර කරන එක කොච්චර බැරෑරුම් වැඩක්ද කියලා පෙනෙනවා නේද. ඒ මදිවට මතක තියා ගන්න ගියාම? පිස්සු ඩබල්.
(PDD) 
එක පත්තරේක තිබුණා කොළොඹ තියෙන, කළුගල් (Granite) අතුරපු, එකම පාර මල්වත්ත පාරලු. මං හිතන්නේ දැනට ඉතුරු එච්චර විතරක් වෙන්න ඇති.

මම ඉස් ඉස්සෙල්ලම කොළොඹ ගිය දවසේ (සුළඟිල්ලේ එල්ලී ) ඔයිට වැඩිය නම් තිබුන. ආදුරුප්පු වීදිය, ගෑස්පහ, කයිමන් දොරකඩ පැත්තේ තිබුන කළු ගල් වලට මොකද උනේ. පිස්සු ඩබල් (pissu double).

එව්වා යට කෙරුවද? recycle කෙරුවද? එතකොට පාර මැද්දෙන් ගිය rail පාර යකඩ පීලි. ඕවා දිගේ ලස්සන කෝච්චි ජාතියක් ගියා ඒ කාලේ. (1911-1961) tram car කියලා. (ගාස්තු ගැන මට මතකයක් නෑ) නවීන ඒවා පිටරට වල නම් තියෙනවා. ඒවා පොලොව උඩින් වගේම යටිනුත් යනවා.
"The Northern and Central areas of the City of Colombo had an electric Tram Car system (42" Gauge). This system commenced operations about 1900 and was discontinued by 1960. The original operator was the Colombo Electric Tram Car and Lighting Company Ltd. (represented by Boustead Brothers), and after an infamous Tram Car Strike, the Colombo Municipal Council took over operations. Subsequently, the tram car system was phased out." Wikipedia

take a free ride in time machine to   -114 yrs Colombo
lankapuracom/wp-content/uploads/2010/07/tramcar-on-york-st.jpg
Colombo City එකටත් අලුතින් Tram service දාන්නයි යන්නේ. (මොඩ් එව්වා, සමහර විට මොනො රේල්, around 2018) කවුරු මොනවා  කිවුවත් ඓශ්චර්ය ආයෙත් එනවා.

(PDD) Colombo city එකේ tram  දුවන කාලෙමයි trolley bus දැම්මෙත්. 1951 සිට 1964 වෙන තුරු අවුරුදු 13 ක් මේ සර්විස්  එකත් දිවුවා.තට්ටු දෙකේ සහ තනි තට්ටුවේ ට්‍රොලි 61ක් තිබුනා.

ට්‍රොලි දිවුවේ විදුලියෙන්. පීලි උඩ  නොවෙයි  ටයර් උඩ. උඩින් දුවන electric line  එකට සම්බන්දය තියෙන සීමාව තුල රියැදුරුට පුළුවන් ට්‍රොලිය වෙනත් වාහන වගේ එලවාගෙන යන්න. පොඩ්ඩක් වැඩිපුර කැපිලා සීමාව පැන්නොත් විදුලිය ගන්න pantograph එක ගැලවෙනවා. එක ආපහු දා ගන්න ට්‍රොලියට උනගහකුත් තිබුණා.

කොන්දොස්තර මහත්තයෙක් දොර ළඟ තියෙන කවුන්ටරේ (මේසයක් වගේ) පිටිපස්සේ සීට් එකක ඉඳගෙන ටිකට් දෙනවා. බොත්තම ඔබන කොට මුද්දරේ වගේ ටිකට් එක එලියට විසි වෙනවා
පිටකොටුවේ ඉඳලා මරදානට ශත 3 යි. මට බාගේ ටිකට්. ශත 2
 


මේ පිටුවත් බලන්න.
bokhanscom/trollybus.html

(PDD)
මම අන්තිමට ට්‍රොලි එකක් දැක්කේ 70 ගණන් වලදී, මට මතක හැටියට අනුරාධපුර පැත්තේදී. පාලමක් හදන තැනක. යට තට්ටුව site office. upper deck eka TO's quarters.

1910 ඉඳන් 2014 දක්වා ට්‍රෑම් වලට සිද්ද වෙලා තියෙන දේ යි 1951 ඉඳන් 64 වෙන ටිකට ට්‍රොලි වලට උන දේයි ඉතින් ස්වභාව ධර්මය තමා. යම් දෙයක් ඇති උනානම් නැති වෙනවා.
"උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති"

Monday, May 5, 2014

Hits galore, Initials

Hits galore, Initials,  Googol and human cube, Bhoomi Thel,


Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)

දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.

 
මැයි 6 දා
Hits galore, Initials,  Googol, Bhoomi Thel,
(PDD ) Blog ekata හිට් තොගයයි. පිස්සු ඩබල්. බොරු නෙමෙයි, ඇත්තමයි. ඒත් comment එකක්කත් නැත්තේ මොකද කියලා බැලුවා.

දන්නා  කාටවත් කිවුවේ නෑනේ. කොහොම කියන්නද? උන් ඔක්කොම හිනා වෙයි මම හැරමිටි  ගහන ගමන්  පිස්සු ඩබල්  ලියන කොට.

අනිත් එක තමා. හුඟක් හිට් එන්නේ US, UK and Russia වලින්. Canada, Oz , Nz වලිනුත් ටිකක් තියෙනවා. මට හිතෙන්නේ සුද්දෝ වෙන්නැති. ඒකනේ
comment නැත්තේ.

Google Translate එකට සිංහල ආපු දාට මටත් Comment ඒවි. එතකන් අරින්නෙම නෑ. බයිලින්ගුවල් හින්ද ඉංගිරිස්, සිංහල, බැරිනම් සින්ගිරිස් වලින් හරි දාන්න බැරිද.

(PDD) පොඩි එක්කෙනෙක් මගෙන් අහනවා "ඇයි සීයේ ඒ කාලේ දිමු විජමු වගේ නම් දාන්නේ?" කියලා. මම කියා දුන්නා දිගටම අදින්න බැරි උන පනස් හයේ විප්ලවය ගැනයි බොහොම අමාරුවෙන් සිංහල රජ කරා ගත්ත විදියයි ඒකාලේ තිබුන තව ප්‍රසිද්ද නම් ගැනයි (ගුලි, ඇර මහත්තයා වගේ) 

මෙව්වා පොඩි එවූන්ට කියා නොදුන්නොත් අපේ සංස්කෘතියට, අපෙන් වෙන්න තියෙන යුතුකම පැහැර හැරියා වෙනවා. අද නම් ලොකු මුනුබුරාට පිස්සු ඩබල් උනා. මම කෝකටත් ඇර මහත්තයා ගැනයි අපේ ඉස්කෝලේ ගැනයි කියා දීලා ටිකක් ෂේප් කරලා යැවුවා.
(PDD) ඇර මහත්තයා අපේ ඉස්කෝලෙට උගන්නන්න ආවේ මම දෙකේ පන්තියේ ඉන්න කාලේ. සුදට සුදේ National එක ඇඳගෙන කිරි කොකා වගේ එන කොට ලස්සන කියන්න බෑ

ඇර මහත්තයා national ඇන්දාට ඉංගිරිස් හොඳට කතා කරන්න පුළුවන්. ඉංගිරිස් උගන්නන ලස්සන චුටි රතු ඉංගිරිස් නෝනා එක්ක ඉංගිරිස් කතා කරනවා මට අතටම අහු උනා. 
ඇර මහත්තයා ගේ නම ඇන්ටන් රසල් විජේසිංහ. නම ලියන්නේ ඇ. ර. විජේසිංහ කියලා. එයා ඔය national ඇඳගෙන ඇ. ර. විජේසිංහ කියලා නමත් වෙනස් විදියට ලියාගෙන තියෙන්නෙත් සිංහල භාෂාව, සංස්කෘතිය බේරා ගන්නලු. 

මට පහු කාල වලදී ඒ වගේ තවත් අය මුණ ගැහුනා. සමහරුනම් ඇඳපු national එක ගලවා ගන්න බැරුව හිටපු අය. ඒ උනත් රට, ජාතිය, ආගම ගැන ආඩම්බරයක් ඇතිව national එකත්  ඇඳගෙනම වැඩ කරපු වැඩ පෙන්නපු Governor විජමු වගේ අය ජාතියටම ආඩම්බරයක්.

(PDD) සිංහලෙන් නමේ මුලකුරු ලියන රැල්ල ඉවර වෙන කාලේ මගේ සිංහලෙන් ගහන අත්සනේ මුලකුරු තිබුනෙත් සිංහලෙන්. අත්සනත් සිංහලෙන්. සිංහල අත්සන නිසා පිස්සු ඩබල් උනේ පිටරැටියන්ට සිංහල අත්සන ගහලා පෙන්නන කොට. ඉක්මනටම ඉංගිරිස් අස්සනක් හදා ගත්තා.


මුලකුරු භාවිතය ගැන විහිලු කතා ගොඩක් ඒ කාලේ තිබුනා. ඒවා දැන් යල් පැනලා. යල් පැනපු වී කන්න දෙකක් පහු වෙලා නිසා පැල වෙන්නේ නෑ. යල් පැනපු විහිළු වලට හිනා යන්නෙත් නෑ. 
ඒ වුනාට ලීල් ගුණසේකර මහත්මයා ලියාපු අත්සන කතාවේ ඇස්. ලොකුබණ්ඩා මතක් වෙන කොට ඒ පැටලිලි වල රසවත් කම තවමත් විඳින්න පුළුවන්. ලීල් ගුනසේකර කියන්නේ ඒ කාලේ අනුරාධපුර පළාතේ වැඩ කරපු දිසාපතිවරයෙක්. අත්සන සහ පෙත්සම පොත් දෙකම එතුමාගේ ඒකාලේ අත්දැකීම් පසුබිම් කරගෙන ලිවුව නවකතා.

මේකත් කියවලාම බලන්නකෝ. 
අපේ ගමේ මනුස්සයෙක් වයඹ පළාතේ ගමකින් හිරයක් ගත්ත. (හිරයක් ගැනීම ගැන නොදන්නා අයට පස්සේ දවසක කියන්නම්) මනමාලිගේ ගම පුබ්බිලිය. නම පී.කේ. ලොකුමැනිකා. 
මනමාලි රෙජිස්ටර් රාලහාමි ළඟ අස්සන ගහපුවම රාලහාමිට හිනා ගියාලු. අකුරු සාස්තරේ දන්නා වැඩිහිටියෙක් කිට්ටු කරලා බලලා කිවුවලු. "කෝ ඉතින් අස්සනේ හැටියට බඩු නෑනේ" කියල. පිස්සු ඩබල් thamayi. මනමාලිගේ වාසගමටත් ගමේ නම එනවා. ඒ ළමයා ගිය ඉස්කෝලෙත් ඇර මහත්තයා වගේ මහත්තයෙක් උගන්නලා. මනමාලිගේ අත්සනත් මගේ අත්සන වගේ සිංහලෙන්.
 

(PDD) Human Cube ගණනෙන් පස්සේ මම හෙව්වා ලොකු ගණන් ගැන. ගූගොල් (Googol) එක තමයිලු ලොකුම ඉලක්කම. ඒකේ වටිනාකම 10 බලේ 100 යි ලු. මේ ගණන විශ්වයේ තියෙන ඔය ප්‍රොටෝන්, නියුට්‍රෝන් හා ඉලෙක්ට්‍රෝන් ගනනටත් වඩා  වැඩියිලු. Google  නමත් Googol කියන එක වැරදියට ටයිප් වෙලා හැදිලා තියෙන්නේ. 

ඊ ටත් වඩා ලොකු ගණන් තියෙනවාලු. (Googolflex), (Graham's Number) වගේ. Graham's Number එක හදන හැටි හොයන්න ගියාම ආයෙත් ඇම්ඩව මතක් උනා. පිස්සු ඩබල්. ඇම්ඩා  (Amdaa), අයින්ස්ටයින්ලා, හෝකින්ස්ලා (Einstein, Hawkins) වගේ ප්‍රසිද්ද උනේ නැති එක ගැන මට දුකයි. ඒත් එක අතකට ඇම්ඩා ගත කරාපු ජීවිතේ උනත් නරක නෑ කියල වෙලාවකට හිතෙනවා. මාස හතර පහකට ඉස්සෙල්ල ඇම්ඩා ඔක්කොම දාලා යන්න ගිහිල්ලා.

මම හෝඩියේ, ඇම්ඩා දෙකේ. අපි දෙන්න එක බැංකුවේ එක ලඟින් ඉඳන් හිටියේ. පිස්සු ඩබල් නේද? අපේ ඉස්කෝලේ එහෙම තමා. (ඉවසන්නකෝ, ඉස්කෝලේ කතාව පස්සේ දවසක ලියන්නම්.)  

දැන් කියන්නේ Graham's Number එකට ඇම්ඩගේ සම්බන්දය. දෙකේ නෝනා කිවුව අටපට්ටමට පට්ටම් අටයි කියලා. දෙකේ පන්තියේ ඇම්ඩ කිවුව වැරදියි කියලා. නෝනා පොඩ්ඩක් රවලා බලන කොට වෙන කෙනෙක්  කිවුවා අටපට්ටම හදන්න කොටු හයක් ඕන කියලා. ඇම්ඩා තරයේම ප්‍රකාශ කලා අටපට්ටමට පට්ටම් (පැති) 14යි කියලා. Graham's Number එක ගැන හෙව්වොත් මම කියන්නේ මොකද්ද කියලා තේරෙයි.  

ඇම්ඩලා "අපි" ඒකාලේ ග්‍රැහැම් නම්බර් ඉගෙන ගත්තු අය තමා දැන් මෙහෙම උනාට. පිස්සු ඩබල්.  N.D. ගුණපාල ඇම්ඩා උන හැටියි, අවිධිමත් සාහිත්‍යයේ ජනප්‍රිය චරිතයක්‌ උන හැටියි පස්සේ ලියමු.

(PDD) දැන් ඉන්න ළමයි විතරක් නෙමෙයි අපේ ළමයිනුත් අපට කිවුවේ, කියන්නේ දැන් ළමයින්ට ඉස්සර ළමයින්ට වඩා හරියට ඉස්කොලේ වැඩලු. දැනුමත් හුඟක් වැඩියිලු. මොන බොරුද? ඇම්ඩලා අපි දෙකේ තුනේදී හදපු හැතැප්ම, පරලොන්, දම්වැල්, යාර, අඩි, අඟල් කොන්වර්ෂන් කරන්න තියා හරියට චක්කරේවත් දන්නේ නෑ දැන් ඉන්න ළමයි.

ඔය එක උදාහරණයක් විතරයි. වැඩිම උනොත් දින, සති, මාස හරි, පැය, විනාඩි තප්පර හරි ගානක් හදයි. ඒත් Calculator එකක් නොහෙව්වොත් මෙන්න මගේ කන. හැත්තෑ ගණන් වල මෙට්‍රික් ක්‍රමේ දමලා අපේ රටේ ළමයින්ගේ ගණිත ඥාණය හොඳටම වැටුණා.

(PDD) භූමිතෙල් කරත්තේ.
Idiom වලින් කියන්නේ හිතට කාවදින්න. හොඳට වදින්න හරියට ගලපලා එකක් කිවුව ගමන් දැන් ඉන්න අය දාහක් ප්‍රශ්න දානවා. පිස්සු ඩබල් වෙනවා. 


මම ඊයේ මොකද්ද කතාවකට බුමිතෙල් කරත්තේ වගේ කිවුව. "සීයා බොරු කියන්නේ. කරත්තෙට එන්ජින් නෑ. තෙල් දාන්නේ නෑ, හරකෙක් බැඳලා යන්නේ. මම දැකලත් තියෙනවා." එක්කෙනෙක් කියනවා. 

මගේ වටිනා කාලයෙන් පැය බාගයක් ගියා idiom එක තේරුම් කරලා දෙන්න. තව විනාඩියකින් tab එකක්  අරන්ඇවිත් එයා මට භූමිතෙල් කරත්තේ පෙන්නුවා.
හැම දෙයම ක්ෂණික වෙලා.
serendib.btoptionslk/cpanel/uploader/1293/6.jpg

භූමිතෙල් කරත්තේ වගේ කියන්නේ  නැවති, නැවතී  යන අයට. භූමිතෙල් කරත්තේ නවත්තන්නේ භූමිතෙල් විකුනන්න.

භූමිතෙල් කරත්තේ වගේ යන අයත් කකුල් දෙකට විරාමයක්, සන්නිවේදන අවශ්‍යතා, හුවමාරු ගනුදෙනු (බුලත් වෙනුවට පුවක් වගේ) විවිධ  ඕනැ එපාකම් සඳහා මෙවැනි ගමන් රටා යොදා ගන්න ඇති. මොකෝ දැන් වගේ ප්‍රවාහන පහසුකම් තිබුනයැ? cellphone, facebook
තිබුනයැ?

මේ දවස් වලත් බන අහනවා ලියන්න වෙලාක් නෑ.  ඒත් මේ ටික ලියන්නම්. හරිම වැදගත්. 
නිවනට දොරටු
පහක්තියෙනවලු. බන ඇසීම, ධර්ම සාකච්ඡ, බන දෙසීම, බන මෙනෙහි කිරීම සහ සමථ විපස්සනා. බලන කොට නිවන් යන එකත් එච්ච‍ර අමාරු නෑ වගේ. (ඕනෑනම්).





Sunday, May 4, 2014

Slow machines XT/8088, upside down, Comparison of humanity with Grand Canyon

Z 8088, World Press Freedom day 2014, Comparison of humanity  with Grand Canyon by weight or otherwise, dhamma desana.

Warning!!! This Blog is strictly for mature adults. Not even for students over 18, unless they have passed their childhood. The contents can be misleading and/or incomprehensible for them.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)

දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම් පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.
මැයි 4 දා
අද ඉරිදා

Slow machines XT/8088, upside down, Comparison of humanity with Grand Canyon
(PDD) උදේ පාන්දර මගේ බන අහන වෙලාව. පොඩි එක්කෙනෙක් ඇවිත් අහනවා "සීයා මොකෝ හැමදාම උදේට පැය ගානක් බණ අහන්නේ?" කියලා.
ඔන්න ඉතින් පාන්දරම Pissu Double උනා. එයාගේ ප්‍රශ්ණ  එක උනාට මට  තොගයයි.

පොඩි දරුවට බොරු කියන්නත් බෑ. ඇත්ත කියන්න හොඳත් නෑ

Amdaa theory වලින් දුන්න වැඩේ.
මම දුන්න එයාට තේරෙන කොම්පියුටර් භාෂාවෙන්.

 "පුතා, සීයා තාම දුවන්නේ පරණ 8088 ("eighty-eighty-eight") එයිටි එයිටි එයිට් ප්‍රොසෙසර් එකකින්. සිංගල් ෆ්ලොපි No Hard Disc. බූට් වෙන්නම පැය දෙකක් යනවා"  කියලා.

පොඩි එකා අතුරුදහන් උනා.

මමත් ඉස්සර නම් බන ඇහුවේ නෑ. දැනුත් බණ අහනවා නොවෙයි අහන්න වෙලා. හැබැයි ඒ කාලේ ඉඳලම බන ඇහුවානම් හොඳ බව දැන් තම තේරෙන්නේ. මෙව්වා  එයාට කියන්න පුලුවන්ද?  ඕකනේ මම  කියන්නේ වැඩිහිටියන්ට පමණයි මේවා කියල.

"සබ්බේ සංකාරා අනිච්චාති.
ඕන නැති  ඒවා අහනවාට එයාටත් හොඳ දඬුවම. ඉරිදා දවසේ  කොම්පියුටර ඉතිහාස දිග project එකක් වෙලා. එහෙන් මෙහේන් Google පාරක් දාන කොට ළමයට තේරිලා සීයාගේ උත්තරේ sira එකක් වග. අම්මගෙන් ආධාර ඉල්ලන්ට ගිහින්. පොඩි කාලේ අම්මට ලැබුන Birthday Present එකේ Spec එක හින්දා එයාට බකස්  ගාලා හිනහ ගිහින්."


(PDD)
(PDD) අතට ගත්ත පත්තරයක්. අඩේ අප්පා අද අකුරු හරිම පැහැදිලියි. මොන පුදුමයක්ද මන්දා. ඉක්මනට කන්නාඩි කුට්ටම චෙක් කළා. වැරැද්දක් නෑ මගේ පරණ එකම තමා. අවුරුදු දෙකක විතර ඉඳලා මාරු කරගන්න හිටියේ. කෝ ඉතින් (වෙලාවක්/සල්ලි) නෑනේ. කොහොම හරි අකුරු ටික ඔක්කොම චක්ඛු ප්‍රසාදයේ හැප්පිලා මස්තිස්කයේ ගබඩා වෙනවා පට් පට් ගාලා. මුල හිටන් අගට යනකන් කියෙව්වා. අන්තිමට යටම කෙලවරේ ලොකු අකුරෙන් display ඇඩ් එකක් කලර් negative වලින්. ආයෙත් පෙර පරිදිම දෘෂ්ටි දෝෂය ඇවිල්ල.පේන්නෙ නෑ. අමාරුවෙන් ට්‍රයි කරලා කියව ගත්තා. pissu double නෙමෙයි ට්‍රිබල්. "Only true freedom of the press can turn things the right way around. Celebrating World Press Freedom day 2014"
හැමදාම ඔයවිදියටම පත්තරේ ගහනවානම් කොච්චර හොඳද? හැමදේකම ඇත්ත නැත්ත පහසුවෙන් දැන ගන්න පුලවන්. ඇයි  ඊයේ විතරක්. (පත්තරේ ඊයේ DAILYMIRROR එක කියවලාම බලන්න.) එක දවසට බොරු සෝබන. අනිත් දවස් 364 ම වද විඳලා, හරි පැත්ත හොයා ගන්න ඕනෑ අපි.

(PDD) ඇතුල් පැත්තේ පිටුවක අමුතු ලස්සන පින්තුරයක්. full set එකම බලා ගන්න යන්න https://www.flickr.com/photos/eesmyal/

youtube වැඩ තමාම හොයා ගන්න.
හැබැයි මට පිස්සු ඩබල් උනේ මෑන්ගේ ගණන් හැදිල්ල දැක්කම. එයා ගාන හදල තියෙන්නේ මනුෂ්‍යත්වයේ බර කිරලා. එහෙනම් එයා පෙන්නන්න ඕන තරාදියක තියලා. කජු ඇට ගැනල කොස් ඇට වලින් ගාණ ඇඳලා hari yanawayi?

කෝකටත් Amdaa මට කියා දුන්නේ දෙවරක් චෙක් කරන්න කියල.
බුසලට දාන්න පුළුවන් වෙන්න මම වොලියුම් එක චෙක් කළා. මැදට හිටින හිඩැස් වලට allowance තියලා. උත්තරේ match වෙනවා. මගේ උත්තරේට මනුස්‍යත්වය ඝන මීටර් වලින් අරගෙන ඇන්දනම් නම් එයා තවත් accurate. ඕක මනුෂ්‍යත්වයේ බර, පරිමාව වගේ මුදල් වටිනාකමෙන් (converted to common currency) දාලා අකවුන්ට් බැලන්ස් ස්ක්‍රීන් ෂොට් එකක් දානකන් සමහරුන්ට මොනවයින් කිවුවත් වැඩක්‌ නෑම තමා.

(PDD)
මනුෂ්‍යත්වයේ සයිස් එක දැක්කම අන්ද මන්ද උනා. ඔච්චර පොඩිද මේ මිනිස්සු කියන කට්ටිය.
අද population ක්ලොක් එක චෙක් කලා. මම බලන කොට ඒක 7,231,052,800 (බිලියන් 7.2 ට චුට්ටක් වැඩියි.) 
මෙච්චර කාලෙකට මේ මිහිතලය මත මානවයන්  බිලියන් 110 ක් විතර ඉපදිලා ඇති කියලා ගණන් බලලා තියෙනවා. මේ කට්ටියගෙන් වැඩි හරියක්ම ඉන්න ඇත්තේ ටයි කෝට් දාලා නොවෙයි. නිර්වස්ත්‍ර පැෂන් එකෙන්. ගහෙන් බැහැලා කකුල් දෙකෙන් හිට ගත්ත දවසේ ඉඳලා උප්පැන්න රෙජිස්ටරේ සටහන් වෙච්චා නොවෙච්චා සේරම ගණන් බලලා ඇති.
අපිට අමතකම වෙන ටික ඔය බිලියන් 110 න් 7.2 ක් ඇරෙන්න අනික් ඔක්කොටම උනේ මොකද කියන ටික. හොයලා බැලුවොත් හරියටම වැටහෙනවා. ඉතුරු 7.2 ටත් කොච්චර කෙරුවත් ඔච්චර  තමයි කියලා. පිස්සු ඩබල් වෙනවා. 
අඩුම තරමට දවසට සැරයක් දෙකක්වත් මේ ටික මතක් කරනවානම් හරි සැහැල්ලුවක් දැනෙයි. භාවනා වැඩ සටහනට ගියාම නම් දවසට  නෙමෙයි විනාඩියට හතර සැරයක් විතර "මරණං නියතන්" කියලා කට  පාඩම් කරනවා. එහෙම බෑ. මෙනෙහි කරන්න ඕනෑ.  

(PDD) ලොකු ලොකු ගණන් ගැන කතා කරනවානම් නහුතය සහ අනන්තය ගැන අහලා තිබුනා. 
බන පොතෙන් අහු උනා පැරණි ඉන්දියන් ක්‍රමයට ගණන් හදන හැටි. Pissu double.
ඔන්න බලා ගන්න.
ලක්ෂ                 100ක්  කෝටිය කි.
කෝටි        ලක්ෂ 100ක්  ප්‍රකෝටිය කි.
ප්‍රකෝටි      ලක්ෂ 100ක්  නහුතය කි.
නහුත         ලක්ෂ 100ක්  නින්නහුතය කි
නින්නහුත   ලක්ෂ 100ක්  අක්ශෝහිනිය කි.
අක්ශෝහිනිලක්ෂ 100ක්  බිංදුව කි.
බිංදු           ලක්ෂ 100ක්  අබ්බුදය කි.
අබ්බුද        ලක්ෂ 100ක්  නිරබ්බුදය කි
නිරබ්බුද     ලක්ෂ 100ක්  අහහය කි.
අහහ          ලක්ෂ 100ක්  අබබය කි.
අබබ          ලක්ෂ 100ක්  අටටය කි.
අටට          ලක්ෂ 100ක්  සොගන්දිය කි.
සොගන්දි   ලක්ෂ 100ක්  උප්පලය කි.
උප්පල      ලක්ෂ 100ක්   කුමුදය කි.
කුමුද         ලක්ෂ 100ක්  පුන්ඩරිකය කි.
පුන්ඩරික   ලක්ෂ 100ක්  පදුමය කි
පදුම          ලක්ෂ 100ක්  කථානය කි.
කථාන       ලක්ෂ 100ක්  මහා කථානය කි.
මහා කථාන ලක්ෂ 100ක්  අසංඛ්‍යය කි.

සමහර මැත professor ලා වෙන වෙන version වලට උගන්නන බව බන පොතේ කියා තිබේ. 



හරියට කට පාඩම් කරගෙන පුංචි size ඇමති කෙනෙකුත් අල්ලාගෙන මේ පරණ ඉන්දියන් වැඩේ ජාතික කියල අන්ද ගත්තානම් කල්ල මරේ තමා. ප්‍රාඩෝ එකකුත් එක්ක මාස තුනකට විතර කොන්සල්ටන්සියකට Contract එකක්. යටගිය දවස විසු එක්තරා පුද්ගලයෙක් මී කුණක් විකුණා එමගින් ව්‍යාපාර පටන් අරගෙනත් සිටුවරයෙක් උනාලු.
සමහර අංශ නහුත ක්‍රමය දැනටම භාව්තා කරන නිසා වැඩේ තවත් ලේසියි. (ජාතික ලොතරැයිය) sweep  ticket එකක් අරගෙන පස්ස පැත්තේ ඉලක්කම් ගහලා තියෙන හැටි බලා ගත්තානම් තේරෙයි.

ව්‍යාපාරික ඥනයක් නැති අයට ජාත්‍යන්තර ක්‍රමය පහත දක්වා ඇත.
 


Metric prefixes

Prefix Symbol 1000m 10n Decimal English word Since[n 1]
short scale long scale
yotta Y  10008  1024 1000000000000000000000000  septillion  quadrillion 1991
zetta Z  10007  1021 1000000000000000000000  sextillion  thousand trillion 1991
exa E  10006  1018 1000000000000000000  quintillion  trillion 1975
peta P  10005  1015 1000000000000000  quadrillion  thousand billion 1975
tera T  10004  1012 1000000000000  trillion  billion 1960
giga G  10003  109 1000000000  billion  thousand million 1960
mega M  10002  106 1000000             million 1960
kilo k  10001  103 1000             thousand 1795
hecto h  10002/3  102 100             hundred 1795
deca da  10001/3  101 10             ten 1795

 10000  100 1             one
deci d  1000−1/3  10−1 0.1             tenth 1795
centi c  1000−2/3   10−2 0.01             hundredth 1795
milli m  1000−1  10−3 0.001             thousandth 1795
micro µ  1000−2  10−6 0.000001             millionth 1960
nano n  1000−3  10−9 0.000000001  billionth  thousand millionth 1960
pico p  1000−4  10−12 0.000000000001  trillionth  billionth 1960
femto f  1000−5  10−15 0.000000000000001  quadrillionth  thousand billionth 1964
atto a  1000−6  10−18 0.000000000000000001  quintillionth  trillionth 1964
zepto z  1000−7  10−21 0.000000000000000000001  sextillionth  thousand trillionth 1991
yocto y  1000−8  10−24  0.000000000000000000000001  septillionth  quadrillionth  1991
  1. The metric system was introduced in 1795 with six prefixes. The other dates relate to recognition by a resolution of the CGPM.

සංකේත නිවැරදිව භාවිතා කරන්න. 

mW   >      mili watt
MW   >      mega watt
m       >     meter, milli
mm    >      milli meter 
GWh >     giga watthours
h       >     hecto, hour  
බන ටික අමතකම උනා. කල පින් වැඩි වැඩිය මෙනෙහි කලාම පින වැඩි වෙනවලු. කල පවු වැඩි  වැඩිය මෙනෙහි කලොත්....ane ammo! pissu double thamaa

ඒ නිසා බැරි වෙලාවත් නොහිත හරි වැරැද්දක් උනොත් ක මතුවට නොකරන්න හිතාගෙන අමතකම කරලා දාන්න.

කරන හොඳ වැඩ නිතර නිතර මෙනෙහි කරලා සතුටු වෙන්න. divya loke atha langa.